2012/12/31

නව වසර


මේ ඔරලොසුවෙ කටුව
පොඩ්ඩක් හෙමිහිට යමුද?
අද අන්තිම දවස
මම බිත්තියෙ ඉන්න
තව කොච්චර වෙලාවක්
ඉතුරු වෙලා තියෙනවද?
ටික් ටික් ටික් කියද්දි
මගෙ නම් ඇඟ හිරිවැටෙනව

......2012 කැලැන්ඩරේ.......

මේ ඔරලොසුවෙ කටුව
පොඩ්ඩක් හයියෙන් යමුද?
අද අන්තිම දවස
මම හැකිලිලා ඉන්න
තව කොච්චර වෙලාවක්
ඉතුරු වෙලා තියෙනවද?
ටික් ටික් ටික් කියද්දි
මට නම් ඉවසිල්ලක් නෑ

........2013 කැලැන්ඩරේ........

2012/12/23

තත්පරයක ඈ




තත්පරය ඔබ නවතින්න!
ඈ සිනාසෙන අයුරු
අවසර මට බලන් ඉන්න...
තත්පරය ඔබ පැනයන්න!
ඈ නෙතේ කඳුලු බිඳු
නොහැක මට බලන් ඉන්න...

උච්චතම ස්වරය


උත්කෘෂ්ඨ ප්‍රේමයක
උච්චතම ස්වරය
නිවැරදි තනුවකට
හඬ පාලනය යෙහෙකි!

කැඩී ගිය මල් බඳුන


කැඩී ගිය මල් බඳුන
කටු විසිරුන තැනක
නැවත සකසනු කුමට
විසිකරනු හැර ඉතින්

හැර යන්නෙමි ඉතින්


පෙරුම් පුරා කල්පයක්
මග බලා ජන්මයක්
එපා කියු ඔබව දැන්
හැර යන්නෙමි ඉතින්

කුරුටු ගෑමි


ගල් පතුරක මෙමා
කුරුටු ගෑමි පෙම් ගීය
සදාකාලික ගීය ඔබ
ගලකි අද හදමඬල

වැහිලිහිණී


විඩාබර පියාපත්
හකුලුවා බලා හිඳ
පියාඹන්න ඔබ
නැවතත්
වැහිලිහිණී
අහස මග බලයි
වළාකුල් බර වෙලා
වැහි බිඳු ඔබට
අඩගසයි
වැහිලිහිණී

අස්වැසිල්ලක් සොයමි


ඉස්පාසුවක් නැත
ඉස්මත්තට හද ගැබේ
අස්වැසිල්ලක් සොයමි
අස්කරන් සිතිවිලි

2012/12/14

මගෙ "සමාව"


ලාබෙට දීල
පාඩුවුන නිසා
ගණන් වැඩිකලා
මගෙ "සමාව"

පාරට තාර දාල


තාර දාන්න කලින්
දූවිලි බදු ගත්තු
අඩිපාර
දැන්
ආඩම්බරයි!

දැන් මට අමතකයි!



දින පොතේ කෙලවරක
ඈත එක දිනයක
තිබුන නමක්
දැන් මට අමතකයි!
මූණ මට මතකයි,
ඒත් මට අමතකයි!
කතා මට මතකයි
ඒ නිසා අමතකයි!

දියවෙලා යන සුවඳ



දියවෙලා යන සුවඳ
පෙන නගිනවද තාම
මුදු මොලොක් වී කුමට
ඉපදුනිද "සබන්"

තාප්ප



වටවෙලා
කොටුවෙලා
අපි
වටකරල
තාප්ප

2012/12/07

ආදරෙයිද මම, මම දන්නෙ නෑ.............


පාවෙලා පාවෙලා පාවෙලා
සුළං රොදක ඇමිණිලා
පිහාටුවක්ද මම
මම දන්නෙ නෑ.............
මුදු වෙලා සුමුදු වෙලා සුදු මුදු වෙලා
රොන් එක්ක දැවටිලා
මලක් වෙයිද මම
මම දන්නෙ නෑ.............
දිලිසිලා දිලිසිලා දිලිසිලා
හිරු එක්ක හිනැහිලා
පිනි බිඳුවක්ද මම
මම දන්නෙ නෑ.............
හිනැහිලා හඬවලා ආයෙ හිනැහිලා
ඔබ හා හුරතල් වෙලා
ආදරෙයිද මම
මම දන්නෙ නෑ.............

2012/12/04

ගී කිරිල්ලිය දැන් වෙන්වෙලා


එක රෑනක රැඳී
ඉගිලිලා
එක් දිවයිනක මා දමා
පියඹලා
ඒ සෙනෙහෙ මතක
සැමරුම් වෙලා
රෑනෙන් අද මම
වෙන්වෙලා
කැදැල්ලක මම
නැවතිලා
එනව දිනක ඔහු හා
පියඹලා
ඉන්නවද මගෙ රෑන
මගබලා
ගී කිරිල්ලිය දැන්
වෙන්වෙලා



2012/12/03

හිත ළඟ කවුදෝ


මුදු හැඟුම් දෝරයයි
සෙනෙහෙ තත් පිරිමදියි
හිත ළඟ
කවුදෝ නතර වෙලා

නොපිපෙන්න රතු රෝස


ඇස් මානයේ
නොපිපෙන්න
රතු රෝස
සුදු අරලිය
පිපුනෙ
කලකට ඉහතදී

මම වැන්දඹුව


සීතල අත් වලින්
මා සයනයෙ හොවා
තනිකම රමණයක
මම වැන්දඹුව

සිතිවිලි වල බර කිරන්න


තනිකඩ හිත
අදෘශ්‍යමානව ස්පර්ශ කරන
සිතිවිලි වල බර කිරන්න
තරාදිය හැදුවෙ
මල්සරා...

අලුත් තනුවක්


වේදනාවේ රුදුරු ස්වර
වැයෙන තත් දෙස බලා
සුසර කරන් මියුරු ස්වරයක්
වයන්න ඔබ අලුත් තනුවක්

2012/11/26

සන්නාලියෝ


කකුලෙන් පාගල
අත තියල රෝදෙට
ඉඳිකට්ට වේගයෙන්
දුවනවා හතිදමා
නූල් පැටලිලා නෑ
මහනවා
මැහෙනවා
නූල් පැටලිලා
පණ අදිමින් දුවල
ඉඳිකටුත් ඇනෙනව
රෝදය නැවතිලා
කකුලට වෙහෙසයි



නිම් හිම් සෙවූ ආදරේ


නිම් හිම් සෙවූ ආදරේ
නිම් නැති විය වේදනා
නිම්නයක තනිවුනේ
නිමල පැතුමන් දවා

2012/11/23

ලක්ෂ්මී අහක බලනව තාමත්


අද අදිනවා අද දිනුම් අදිනවා
දින්නොත් මිලියනයක්ම ලැබෙනවා
යකඩ කටින් රැව්පිලි රැව්දෙනවා
දැන් ටිකට් එකක් රුපියල් විස්සක් වෙනවා

පාන් බාගෙ ඇති ඇල් වතුරෙන් මම සැනසෙනවා
ටිකට් දෙකක් අරන් පා ගමනින් ගෙදරට යනවා
පුතේ ඇදුනොත් ටිකට් එක හෙට අපි සුරලොව යනවා
අද අල්ලපු ගෙදර ටීවි එක බලල මම දුවලා එනවා

ඒකෙත් අංක ගැලපුනෙ නෑ හිතු පරිදී
මිලියන හීනෙ යනව දියවී දුක දී
කුසට නොකා මා ටිකට් ගන්නා විටදී
ලක්ෂ්මී අහක බලනවනෙ තාමත් මගදී




ලියලා තෙපලා


සිතලා
බලලා
කිරලා
මැනලා
හදලා
ලියලා
තෙපලා
කවි!

සෙරෙප්පු දෙක


ආවරණය කරන් මගෙන්
ගල් මුල් මටයි දුන්නෙ
හෙමින් මාව ගෙවිල ගියා
එක පටියක් කැඩිල ගියා
දැන් කුණුගොඩ ළඟ ඉන්නව
හෙටද මාව පුච්චන්නෙ?

2012/11/15

විකුණා ආ ඇය අපහසුවෙන්



තෙරපෙන පිරිමි
උන්මත්තකව
බලයි ගිලියිද ඇයව
බස් රථය දිගටම ගමනක
ඇයගේ නැවතුම කොතැනද?
විකුණා ආ ඇය අපහසුවෙන්
තවත් පිරිමි ඉඟි බිඟි
පිදුවෙමි අසුන
ඇයද මවක් විය හැක
මුදල් ළඟ අසරණ......

.....සත්‍ය සිදුවීමක් ඇසුරෙන්( උසස් හදවතක් ඇති ඔහුට මගේ උපහාරය )........

2012/11/08

තාත්තියි දුවයි




"මගෙ සුදු තාත්තී"
හුරතලෙන් තෙපලනා
සිඟිති මුවගේ සිනා
මල් පොකුරු විසිරුනා
පටලමින් දෙපා පොඩි
දිව අවුත් ලන්වෙලා
දඟ කරන කෙහෙරැල්ල
සුළඟට ලෙලවුනා

"මගෙ දූ පැටික්කී"
ඔහු පෙමින් අමතනා
මුදු කොපුල් සිඹ සනහ
පපුතුරේ ගුලිවෙනා
නිම්නැති කතාවක
ඔහු පිය රජු වෙනා
දෙවෙනිද බිසව දැන්
හද මගේ ඉපිලෙනා



2012/11/07

හෙව්ව ඒ පෙම්වතා


හෘදය කෑගසා
හෙව්ව ඒ පෙම්වතා
අහඹුවකි
අරුමයකි
දෑත මම පුදකලා
නෙත ගාව ඉකිගසා
කිව්ව ඒ දුක්කතා
නිමාවකි
නව
ඇරඹුමකි
ජිවිතය..ආදරය...සිනහව
හමුවකි!

කිවිඳි ළඟ මම කවියෙක්!


සාගරයක් ළඟ
සිම්ඹෙමි සාගරයක්
ගැඹුරුය හදවත
ආදරයත් අනන්තයක්
දෙනෙත් වසඟ කල
හැඟුම් ආකරයක්
නිම්නොවෙයි හදවතට
කිවිඳි ළඟ මම කවියෙක්!

ඒ ඔහුගෙ හාදුවද


මදපවන
කියන්න
ඒ ඔහුගෙ හාදුවද
දෙනුනෙ මගෙ නලලතට
ඔබ ඇවිත් ගිය විටදි
වැහි බිඳුව
කියන්න
ඒ ඔහුගෙ හාදුවද
දැනුනෙ මගෙ අත්ල මත
ඔබ පතිත වූ විටදි

2012/11/04

අහසෙ සුදු පාට වළාකුළු


නිල් පාට අහසෙ
සුදු පාට වළාකුළු වල
රටා හරි ලස්සනයි!
ඔබේ ඇස් වලින්
මම බැලුවෙ.......

හීන ලාබ වෙලා!



මොන පාට හීනද තියෙන්නෙ?
මටත් ලස්සන පාටකින් හීනයක්
ගාණ කීයක් කිව්ව?
ආනේ දැන් හරි ලාබ වෙලා!

තව තවත් ලන්වුනා


ඇස් වලින් කියා දුන් කතාවට
මම අතරමන් වුනා
රත්තරන් තව තවත් ලන්වුනා
ඔය දෑතෙ මගෙ දෑඟිලි
හෙමි හෙමින් පැටලුනා


......අත නොහරිමි ඔබව......

රික්තකයක!


කිසිවක් නැති
කිසිවෙක් නැති
සිතිවිලි නැති
තැන
හිත රික්තකයක!

2012/10/30

අපි සිරගත වෙලා!


සිරගත කරනු
ආදම් සහ ඊවා
කෑවෙ අපිද?
තහනම් ගහේ ගෙඩි
වරදකරුවො
නිදැල්ලේ
අපි සිරගත වෙලා!

2012/10/29

ජිවිතයෙන් පැරදුනා කියල හිතන මල්ලි කෙනෙක්ට අක්කගෙන් පණිවිඩයක්!


අහස හිස් වගෙයි එනමුදු ඉර හඳ තරු පායනවා
මුහුද රළු වගෙයි එනමුදු මුතුඇට එහි මතුවෙනවා
ඔබට තනි වගේ හිත වේදනාවෙන් කකියනවා
එනමුත් මල්ලි බෝ දෙනෙක් ඔබ වටා ඉන්නවා

පෙම ගිලිහුනා ඔබ හඬමින් වැලපෙනවා
එකම මිරිවැඩි සඟල ඉල්ලා ලතවෙනවා
කකුලක් නැති අයත් ලොව ජීවත් වෙනවා
අනාත දරුවො මල් වාගෙ හිනැහෙනවා

ආදරය ඕන අනාත වූ මිනිසුන්ට
ආදරය ඕන අසරණ පොඩි දරුවන්ට
ආදරය ඕන සතා සිව් පාවන්ට
ආදරය ඕන ආදරේ දෙන්න ඒ අයට

කඳුලු ගඟට පිටාර යන්නට දෙන්න
යන යකාට කොරහ බිඳලා දෙන්න
ඔබ ඔබේ ජිවිතේට ආදරෙ දෙන්න
මල්ලි ලොවම සනසන දරුවෙක් වෙන්න

වැටුන කෙනා නැඟිටින්නට දන්නවලූ
දන ගාමින් ඇවිදින්නව වෙනවාලූ
මඩේ පිපි නෙලුම සුවඳින් අගතැන් ලූ
හිතුවොත් කරන්න බැරි දේ ලොව නැතුවාලූ

අටලෝ දහම නිති දුක සැප පෙරෙලෙනවා
පැරදුන තැනින් දිනුමක් යලි ඇති වෙනවා
සාර්ථක චරිත පසුපස දුක් කතා තියෙනවා
දුකත් එක්ක කලාකරුවො ලෝකයෙ බිහිවෙනවා

හදවත විය යුතුයි බෙහෙවින් සුවිශාල
කරුණා දයා ගුණ සපුරා හද ආල
ලොව නන් අයුරින් තිබෙනා තාල
ඉදිරියට යන්න සොයමින් ජීවිතකාල

2012/10/27

memory එක


Port එකට plug කරල
Data ටික cut & paste කරල
Lap memory එක හිස් කලත්
Pen drive එක full වුනා
"You can't delete or Format"
Massage එකක් ආව!

2012/10/25

තනි තරුවී


තරු වලල්ලක තනි තරුවී
තරුවක් කඩන් වැටෙනවා
සඳ දිහාම බලන් ඉන්නෙපා
ඉර හොරෙන්ම බලන් ඉන්නවා

ඇස් අස්සට හීන හොයාගෙන
රෑ කුමරියො දහසක් එනවා
කෝ කොයිද තනි තරුවි
හිත මගෙ රහසේම අසනවා

අමාවකේ දවසක් ආ දා
මගෙ තරුවි ඔයත් මියෙනවා
ගොලු වෙච්ච ඉරද මම
මමත් අවරින් බැසගෙන යනවා

2012/10/23

වැඩෙන ගහක් මම


මගෙ අතු පතර වැඩෙයි
මල් පිපෙයි, ඵල හැදෙයි
තව තවත් ඉහල යයි
මම පුංචිම පුංචි පැලය කාලෙ
මට වඩා උසට තණකොළ
යාළු වුනා අපි තරහ වුනා
තුත්තිරි මල් මට හිනා වුනා
මගෙ යාළු මාලු, තණකොළ යාළු
තාමත් මම ඔයාල එක්කයි යාළු


2012/10/21

ආවෙ යාළුගෙ පුතු දකින්න


තෑගි ගොඩක් අරන් ආව
පුංචි පුතුට තෑගි දෙන්න
තාත්ත පුතේ තරහ වුනා
ඔය පුතාව මට නොදෙන්න
තාම අමනාපද ඔයා
පුතේ තාත්තගෙන් අහන්න
බොහෝ කාලයක් ගෙවිල ගියා
ආවෙ යාළුගෙ පුතු දකින්න
තාත්ත වගේම හිනා වෙනව
ලෝබයි මට බලන් ඉන්න
මගෙ දෝනිගෙ යාළු වෙලා
එනවද අපෙ ගෙදර යන්න



2012/10/20

ඒක රසවත් පොතක්


මමත් බොහොම උගත්
අද කෑවෙ එකසිය අට
වෙනස් භාෂාවකින් තිබුනත්
ඒක රසවත් පොතක්

....මම කාවෙක්....

2012/10/17

හෙම්බිරිස්සාව


ජනේලෙන් හිරිකඩ
හෙම්බිරිස්සාව අත ළඟ
හචිස් හචිස්
කොළරාවට බෙහෙත් එපා!

2012/10/15

ඩාවින්චි රැවටිලාද?


එකම තැන
එකම විදිහට
ඉන්න බිත්තියක
එල්ලිලා
මෝනාලිසා
හිනාවෙනව
ඩාවින්චි
රැවටිලාද?

2012/10/11

ඇයි ඔබ පුදුමයෙන්


සුකුමාල කතාවට
සඳ අන්න නැවතිලා
මගෙ හිතත් නැවතුනා
ඇයි ඔබ පුදුමයෙන්

ඔය නෙතේ ලතාවට
තරු අන්න දිලිසුනා
මගෙ හිතත් ඉපිලුනා
ඇයි ඔබ පුදුමයෙන්

ඔය සිනා මල් වලට
පින්න මල් රැවටුනා
මගෙ හිතත් රැවටිලා
ඇයි ඔබ පුදුමයෙන්

ඉදිරිය!


දිරිය
විරිය
පිරිය
කවිය
සවිය
අවිය
වෙනුය
ඉදිරිය!

සිසි


සරසි
සිරසි
සැරසි
සිසි

2012/10/10

අහස මංකොල්ල කාල


මොනව
අහස මංකොල්ල කාලද?
ලැජ්ජාවට හැංගෙන්න
වළාකුලක් වත්
ඉතුරු කරල නැද්ද?

.....සෝකයට පත් හඳ.....

2012/10/06

අසීමිත ආදරය


ආදරයට තව නමක්
සොයනවා නම් ඔබ
මගෙ නම ලියන්නෙපා
මම අසීමිත ආදරය

ඔබ ආයෙමත් එන්න


කවි කාරිට හීන දෙන්න
ඔබ ආයෙමත් එන්න
කඩදාසිය හිස්
රඟ දෙන තෙලිතුඩ නැතුව
තරු පොකුරු වැල්
සේපාලිකා මල්
ලස්සන වෙන්නෙ නෑ
ඔබ මගෙ ළඟ නැතුව

පුංචි දිය බිංදුව

පුංචි දිය බිංදුව
ගඟකට වැටුන
ගඟට නොදැනෙන
මම පුංචි දිය බිංදුව

සපු මල


සපු මල
හමාවිත්
මවෙත
සුවඳයිනෙ
ඔබ මෙමට
දැනුනෙ පමා වී.....

........ඔබ නොකියූ වදන්-මගේ සිතිවිලි.........

2012/10/05

මම-හිත


මම:
හිත මා ළඟ නොයිද
නැවතී ඉන්නේ කොයිද
ආපසු මා වෙත එයිද
මට තිබූ එක හිත නොවෙද

හිත:
මම යනවා ඔබ නොම දුටුවා
එන්නට මග අමතක වී ඇතුවා
වෙඩි වැදී මියගොස් නැතුවා
පණ අදිනවද කෙනෙකුන් ඇසුවා

මම:
ආපසු එන්න මට තනි කම දැනේ ඉතින්
හිත නැති මම බොල් වී කරලක්ය නිතින්
රැක ගන්නට වැට කොටු බඳින්නම් සිටින්
සුව වෙයි ඔබ මා ළඟම ඉඳිනු බැතින්

හිත:
සිරකරුවෙක් විය එන්නට සිතු විටදී
දඩුවම හිනැහෙන එකයි දැවුනත් වේදනා දිදී
නිදහස දෙයිද මෙතැනින් කෙදිනකදී
ආ දිනක ඔබ ළඟම හිදිනෙමිය රැදී

රැවටිලාද මම?


අස්තිර ලෝකෙ
මේ සෙනෙහස
ඉස්තිරයි කියල
හිත කියන්නෙ
රැවටිලාද මම?

කඩදාසි බෝට්ටුව


වැහි වතුර පිරිල
දැන් මාව ගිලෙනව
මොන එහෙකට මාව හදනවද?
පාඩම් පොතේ
පිටු ඉරමින්

2012/10/04

හීනයක් මතක් වුනා


ඇස් පිල්ලම ගල් වෙලා
හුස්ම වැටෙන්නෙ සතුටට
හීනයක් මතක් වුනා
ගැලරියෙ ඉන්න හිතුව
තරහයි! තහනම්!
හිත දන්නවද ඕව
මොලය, කට වහන් ඉන්න පොඩ්ඩක්
මේක ඉමෝෂනල්...

2012/09/29

තෑග්ග මම අරන් තිබ්බ


අමතක නොවන දිනයක්
අමතක කරන්න
නියෝග වුන කෙනෙක්
රෑ දොළහට මුකුත් නෑ
තෑග්ග මම අරන් තිබ්බ
මේක පිස්සුවක් නෙමේ
හැඟීම් මානුශීයයි

............මට මතකයි යාළුවේ.............

මම පතොක් මල


මම
පතොක් මල
කටු ඇනෙයි
දුර ඉඳන්
බලල යන්න
ඔබ

ලිහමු පැටලුම්!


නූල් බෝලයක් පැටලිලා
අග මුල ඇමිණිලා
හදිස්සි වුනොත්
ගැට ගැහෙයි
හෙමින් සැරේ
ලිහමු පැටලුම්!

2012/09/27

මැරුනෙ මම නෙවෙයි


හයේ හතරෙ වලක් නෙමෙයි
පොඩි ඉඩක් ඇතිවෙයි
මැරුනෙ මම නෙවෙයි
මගෙ හිත විතරයි!

..........දොර closed.............

මූණ කැතවෙයි දෝනී


අඳුර කළු පාටින්
පාට කරන්නට පෙර
දැලි ගෑවිලා
මූණ කැතවෙයි
පාට පෙට්ටියක්
අරන් දෙන්නම්
අඟුරු අල්ලන්න
එපා උඹ
දෝනී...........

තනිකඩ නොවූ හිත



තනිකඩ නොවූ හිත
රැවටුනා ඔබ හට
නින්ද මට උරුම නැත
ඔබ කවුද කියන් මට

නොහිතුව මොහොතකට
රැගෙන විත් ඔය වත
අයිති නැති දුරක සිට
පෙම් පුරයි මගෙ සිත

දෑත් මත සුහුඹුල් පිහාටුවකි


දෑත් මත සුහුඹුල්
පිහාටුවකි
දෙනෙත් අග සිහිල් පිනි
කැටයකි
හිත පිරිමැද්ද මුදු
හැඟුමකි
ඔබ ඉන්න තැන හදේ
ගැඹුරකි

......"එක්තරා"......

සීතල හදවත


සීතල හදවත
පනක් නැති
හුස්ම ළඟ
මලගමක්

පෙ-ම


නම
ගම
නිම
පෙම
බිම
හැම
බැම
දම

ඔබේ මිනුම් දණ්ඩ "සල්ලි"


මගේ හදවතේ ස්වරයට
ඔබේ මිනුම් දණ්ඩ "සල්ලි"
ඉතින් මම දුප්පත්
මම පරාදයි!
හෙට ඔබේ ජීවිතයට
ඔබ සොයන වටිනාකම "ආදරය"
එදාට මම පෝසත්
ඔබ පරාදයි!

2012/09/24

මුළු හිතම අස්වැද්දූ ඇය


මුළු හිතම අස්වැද්දූ ඇය
පුරන් කුඹුරෙ මාළිඟා සෑදූ මම
අවසාන කැමැත්තෙ නොව
අවසාන සිතිවිල්ලෙ සින්නක්කරවම
"එක්තරා" ඇය

"එක්තරා" ඇය සිහිවන


ගිලිහෙන්න ඔන්න මෙන්න
සුසුමත් දැන් බරක් වෙලා
මැලවෙන මල හිරු
ඔච්චම් කරන්නෙ කාටද?
මේ මගෙ සැඳෑ සමය
"එක්තරා" ඇය සිහිවන

2012/09/23

හිත දියවෙයි රත්තරන්


ඔය ඇස් යට ගිනි පුපුරු
හිත දියවෙයි රත්තරන්
මගෙ ඇස් යට කඳුලු බිඳු
හිත ගලක් වෙනව නොදැන මං
ඔබ සැරිසරන හීන ලෝකෙ
තවම අවදිවෙන්නෙ නැත්නම්
ඔබ එපා කී හිත ළඟ
සොහොන් කොත හැදුව මං

2012/09/22

මම පෝස්ටරයක්!


තාප්පෙ ඇලවිලා
අවුවට වැස්සට තෙමි තෙමි
මම කියන්නෙ මොකක්ද?
ඔය ඇස් ගෙඩි ඇරල පොඩ්ඩක් බලපල්ලා
මම පෝස්ටරයක්!

2012/09/21

යතාර්ථය


හෘද සන්තානයම
අමාවකට දන්දීල මම
ඔබ ඉටිපන්දම් එලියෙන්
දුක එකතු කරනව
යතාර්ථය
බ්ලොක් කරල පුලුවන්ද?
හා එහෙනම්
හිතන්න පතන්න තහනම්!
බෝඩ් එක එල්ලුව මම!

...............දැක්කොත් අහක බලන් යන්න...............

2012/09/19

පෙලයි හද සියුමැලි


සිහිල් රැලි
සෙවනැලි
තාම වෙලයි
සිතිවිලි
සුසුම් පොදි
සැලි සැලි
පෙලයි හද
සියුමැලි

කට්ටෙන් එලියට එන්න ඕන


ඔන්න මම ආවා!!!!
කට්ටෙන් එලියට එන්න ඕන
අම්මෙ උණුහුම දෙන්න
මමත් ලස්සන පැටියෙක්
ලඟදිම එන්නම් ඔයා ගාවට
කවුද මේ තටටු දාන්නෙ?
අයියෝ මාව තාච්චියට වැටුන :(
අනේ අම්මෙ මේ උණුහුම නම් උහුලන්න බෑ!

2012/09/16

දැන් මම express train


දෙපැත්තට වැනි වැනි
කුචු කුචු දඩස් දඩස්
කිසිදාක එක් නොවන රේල් පාරෙ
හැම තැනම නැවතුන කාලෙ ඉවරයි
දැන් මම express train

2012/09/14

ඔබේ කේන්තිය-මගේ වේදනාව


ඔබේ කේන්තිය
දිය මත පාවෙන අයිස් කුට්ටියක්
මගේ වේදනාව
දිය යට සැඟවුන අයිස් කන්දක්

මගෙ හිත සැනසේවී


සුරඟනක් වන් ලඳක්
ඔය තුරුලේ නැලවී
ඔය හිත සනසාවී
ඇත්තමයි රත්තරන්
මගෙ හිත සැනසේවී

..........නව දැලි හේනෙ වැදිරියක්..........

මම රුපියලේ සිලි උරයක්!


මොනවද තව පුරවන්නෙ
මට දරන්න බෑ
කඩන් වැටෙන්නත් ළඟයි
තේරෙන්නෙ නැද්ද?
මම රුපියලේ සිලි උරයක්!

ආදරය අහස උසට නැඟ



ආදරය අහස උසට නැඟ
වළාකුලක් බරට කඳුලු නැගුන නිසා
වැස්සක් වෙලා බිමට වැටුනත්
වැහිදිය සාර කල මහ පොළවෙ
සුවඳ මල් පිපුනා
ඒ මල් වලින් හමන්නෙත්
ආදරයෙ සුවඳමද?

කාලය ගෙවී


තත්පර කට්ට හෙමිහිට
විනාඩියෙන් විනාඩිය
පැයෙන් පැය ගෙවී
දවසින් දවස
සති මාස අවුරුදු
කාලය ගෙවී
දියවී යන ජිවිතය ළඟ
මතක පොත නැති වුනාද?

2012/09/01

උස්සන් ඇවිත් මේ හිත

හපොයි
හරි මහන්සියි
උස්සන් ඇවිත්
මේ හිත
මෙච්චර බර වෙන්න
මොනව තියනවද?
අස්පස් කරන්න ඕන
වෙලාවක

......දොර closed........

ආදරය මා ගාව

හිනැහෙන මල් ගාව
ඔය දෙතොල් දඟ පෑව
සුවඳයි ඔබ ගාව
ආදරය මට පෑව
සසරේම මා ගාව
ඉන්න මගෙ හිත ගාව
ඔබ සොය සොය ආව
ආදරය මා ගාව

.......ඔබ නොකියූ වදන්-මගේ සිතිවිලි........

2012/08/30 දින රාත්‍රියේදී

2012/08/30 දින රාත්‍රියේදී

දයාබර හෙවනැල්ල වෙත,
මම මාව හොයා ගත්ත, ඒත් ඔයා නැති වෙලා.

කැඩපතෙන් දුටු මම.

මමත් හෙව්වෙ උදව්වක්!

හොයනවා
මොනවද?
කියන්නම ඕනද?
හම්බවුනාද?
තාම නෑ
උදවු කරන්නද?
මමත් හෙව්වෙ උදව්වක්!

2012/08/27

2012/08/26

මොකක් මම අයිස් කැටයක්?


හරිම සීතලයි
මෙන්න මාව ගල් වෙනව
මොකක්ද මේ හැඩය?
මම කැමති නෑ....
මොකක් මම අයිස් කැටයක්?
නෑ නෑ මම වතුර

මම අන්ධ වුනා


මම අන්ධ වුනා
ඔබ ගොළු වුනා
ඔබ කතා කරනවද දැන්?
මම දැන්
අඳ ගොළු බිහිරි!!!

අපි හොයමු එළි වැටක්


කෝ මගෙ කවිය
නැති වෙන්න එපා ඔයා
නැති වුනා එළිසමය
ඒත් පද වැල් ඉතුරුයි
අපි හොයමු එළි වැටක්
අයෙමත් ඉතින්

සීනි කැටේ

කූඹියෙක් එනව
අරන් යයිද මාව
කෝ ඒ හැන්ද
මාව බිම දාපු
බෝතලේම
ඉන්න තිබුනෙ
.......සීනි කැටේ......

2012/08/18

ඔබ නොදන්න මේ ආදරය

හැම සුසුමකම හිරවී
ගිලිහී නොයන්නේ ඇයි
ආදරේ තාමත් හද වෙලන්නේ ඇයි
ඔබ නොදන්න මේ ආදරය
විශ්වය තරම් ඇයි????

මගේ මොලේ

අනේ
බොලේ
මගේ
මොලේ
මම ඒක
දාල
ඇලේ

.....ඇලේ මාළු ඉන්නවද අම්මෙ???? :O :P he heee......

2012/08/15

මේ නාටකය "හිම කුමාරි"

හිමකුමරිය මම
කුරුමිට්ටො ආව
මෙන්න මාව උස්සන යනව
කෝ මගෙ කුමාරය
මේ නාටකය "හිම කුමාරි"
ඔයා තාම
සින්ඩරෙල්ලා කතාවෙද?

......නාටාකේ මාරු වෙලාද? or කුමාරය මාරු වෙලාද? :P.......

යාළුවේ

මතකද
මම කිව්ව
ආදරෙයි
යාළුවේ
වදන් අද
ගොළුවෙලා
ඉන්නෙ මම
පාලුවේ

රූන් පෙත්ත මම කරකැවෙන

හමා එන්න සුළඟ ඔබ
රූන් පෙත්ත මම කරකැවෙන
පියාපත් නොකඩන්න
හමා යනවා නම් නැවත

2012/08/12

කතා නොකරන බෝනික්කා


ලස්සන ඇස් කතා කරනවා
ගවුම් පොඩි ඇඳ හැඩ පෙන්වනවා
හුරතල් පාටට බලන් ඉන්නවා
මම නම් ඔයාට කතා කරනවා

මගෙ සයනයෙ ඔයත් ඉන්නවා
යන යන තැන මම අරගෙන යනවා
මම ආදරෙයි හැමදාම කියනවා
ඔයා ගොලුවෙක් වගේ ඉන්නවා

2012/08/10

මැරිල වත්ද

මැරිල වත්ද
හුස්ම වැටෙන්නෙත් නෑ
මම වහපෙව්ව
මගෙ හිත
දැන් ඉතින් හයර් එකට වත්
හිතක් හොයා ගන්නව
අඩුවට ගන්න තැනක්
ඔයාල දන්නවද???

.....දොර closed .......

මායාකරු ඔබයි


මායාකරු ඔබයි
මා නිද්‍රාවක හෙලූ
ස්වප්න දන්ව්වේ
ඔබ හා සැරි සැරුවා

මායාකරු ඔබයි
උන්මාදයෙන් මම
සිතිවිලි පැටලී
මත් වීලා උන්නා

මායාකරු ඔබයි
මගෙ හිත කොනිත්තා
තුරුණු හැඟුමන්
උතුරා පිටාර ගැලුවා

හැමදාම

හීනයෙන් හැමදාම
එන්නෙපා රත්තරන්
මගෙ හිතට ඔබෙ මතක
තියෙනවා ඇතිතරන්

....මම හැමදාම හීනෙන් දකිනව.....

2012/08/06

දිරා ගියා ආදරයක හතු පිපිලා

හතු පිපිලා
දිරා ගියා ආදරයක
හතු පිපිලා
දිය බිංදු ඉසින්නට
අහස ඇයි හිතුවේ
සඳ රැස් පණ දේවි
කවුරුන්ද සිතුවේ
කොනහන්නෙ සාරයයි
ජීවයේ
හතු පිපිලා
දිරා ගියා ආදරයක
හතු පිපිලා

මගෙ හිත හතරැස්


මගෙ හිත හතරැස්
Including ගල් පස්
සිතිවිලි නිදහස්
No entrance පෙම් අදහස් 
......දොර closed......

තව එකක් ? අනේ එපා!

ආ!! ඒක
ඒක මම පොඩි කලා
කෝවෙ දාල
මකල දැම්ම
තව එකක්??
අනේ එපා
කනා මැදිරියට
මම බයයි!

වරු ගනන් මම ඔබ දෙස බලා ඉන්නවා

මතකය
හිත පහුරු ගානවා
පන්හිඳ
අකුරක එය අමුනනවා
සියපත
නැවතත් විකසිත වෙනවා
මගෙහිත
තවමත් ආදරෙ දෙනවා

වරු ගනන්
මම ඔබ දෙස
බලා ඉන්නවා
ගවු ගනන්
මගෙ හිත
ඈත ඇදෙනවා
හීන මාළිඟා
ළඟ ඇස්
නිදා වැටෙනවා
ඔබ නැති
දිවියේ සුසුමත් සීතල වෙනවා

2012/08/02

ක්ෂිතිජයක දුර යන්නෙ

සන්සාරෙන් සන්සාරෙට
ගෙන යන්න සිටියා
ආදරේ

දඟපාන සමනල්ලු
හිත ගාව හුරතල් වෙලා
හිනැහෙන්න මට දුන්න
ඒ හැඟුමන් ඔබ ගෙන ගියා

මල් පාට දේදුන්නෙ
නැලවෙන්න නෑ ලන් වෙලා
ක්ෂිතිජයක දුර යන්නෙ
නෙත ගාව කඳුලක් තියා


මගෙ ගීයෙ මගෙ ළඟම
ඔබ උන්නෙ පද වැල් වෙලා
තනුවකට ස්වර වැයුන
සදහටම ඔබ ගොලුවෙලා

සන්සාරෙන් සන්සාරෙට
ගෙන යන්න සිටියා
ආදරේ

පරිඝනකය ළඟ මම

තරහද
තෙලිතුඩ
කෝ නෑ
මගෙ පොත
පින්සල් කොයිබද
සායම් නෑ අත
පරිඝනකය
ළඟ මම
බලා ඉදිමි අද

ඇයි අතරමන් වෙලා

මගෙ වචන නැතිවෙලා
සිතිවිලි හිර වෙලා
කවි පද හැංඟිලා
ඇයි මාව ගොළු වෙලා
නින්ද මගෙ නැති වෙලා
හීන ඇයි බොඳ වෙලා
හිනා මගෙ නැවතිලා
ඇයි අතරමන් වෙලා

ගිය නුවණ

අශ්වයා පැන ගියා
ඉස්තාලෙ වහපන්
හකුරු බේරන්න නම්
වක්කඩේ හංඟපන්
යුද්දයක් නෑ ඉතින්
කඩුවෙන් කොස් කොටාපන්
ගිය නුවණ දැන් ඉතින්
ඇතුන් ලවා අද්දපන්
නැව ගිලුන දැන් ඉතින්
බෑන් චූන් ගසාපන්

2012/08/01

මගේ හිතම අමතක වුනා

හිත පතුලෙම රැදුනා
ඔබ ගැන
හැම සුසුමකම රැදුනා
පියවුන නෙත් තුල
ඔබ
හීනයක් ව රැදුනා
ආදරය මෙතෙකයැයි
කියමිද කෙලෙසක
මටත් නොතේරෙයි
ඔබ ළඟින් එන විට
මට
මගේ හිතම අමතක වුනා

2012/07/31

කෝපි මල් හිනා

කෝපි මල් හිනා
මනසේ මැව්ව කල්පනා
මීවිතක මනා
උමතුව කවුරු හැංගුනා

සිසිලසක් ගෙනා
නෙතලූ ඔබයි අන්ජ්නා
හීන පැටලුනා
හද කිති කැවෙන්නට වුනා

නුඹලා මගෙ හද මඩලෙ නිදයි

ඉර එළියයි මට සඳ එළියයි
නුඹලා මගෙ හද මඩලෙ නිදයි
දේදුන්නක් සේ ඔබ ලග පායා
වියැකී යන්නෙමි ඉතින්
 
සිනා මලයි මගෙ සතුට ඔබයි
නුඹලා මට මගෙ සුසුම් සමයි
හිරු දුටු පිනි පිදුව සේ
වියැකී යන්නෙමි ඉතින්
 
සෙනෙහස මහ මෙරක් තමයි
සසරෙදි හමු වුන පුරුද්දමයි
ඉරනම ඇත මට හරස් වෙලා
දුරස් වෙන්නෙමි ඉතින්

2012/07/30

කනා මැදිරි එලියෙන් අපි

පින්න වැටෙන හද පානේ
ඔබත් එක්ක හිනා වෙන්න
තරු ගනින්න එනවා නම්
තරගෙන් මම දිනයි ඔන්න
සේපාලික මල් පිපිලා
සුවදට ඔබ මත් නොවන්න
කනා මැදිරි එලියෙන් අපි
යමු සුර ලොව හොයන්න යන්න

දගකාරයි මම කටකාරයි

දගකාරයි මම කටකාරයි
යාලුවො කියන්නෙ හැඩකාරයි
රන්ඩු කරන්නට හරි දක්ෂයි
හද සෙනෙහස නම් සුවිසාලයි

පෙම් හිත ලග තව මා බොලදයි
ඔබ ගැන සිතිවිලි හරි ගැඹුරුයි
දගකාරයි මම කටකාරයි
යාලුවො කියන්නෙ හැඩකාරයි

හැගුම් තව උණුහුමයි හීනයේ





ස්වර අතරේ සැගවෙන්න
එන්න තනුවක් වෙන්න
මට පද වැල් අමතකයි
හීනයේ
මට සුවදක් වෙන්න
මල් පෙති ඉහිරන්න
මට පාට නොපෙනෙයි
හීනයේ
මද පවනක් වෙන්න
සිසිලසක් මට දෙන්න
හැගුම් තව උණුහුමයි
හීනයේ

ද???

සින්ද
බින්ද
පෙම්
කන්ද
වින්ද
බැන්ද
හැගුම්
කන්ද
මන්ද
සුන්ද
මතක
කන්ද

පිහාටුවක් ඉල්ලුවෙ මම

පිහාටුවක් ඉල්ලුවෙ මම
ඔබ සොයන් එන්නයි
හොරෙන් ඇවිත් කවුලුවෙන්
ඔය මූන දකින්නයි
කුරුල්ලොත් හිනා වුනා
ඒත් මට එන්න කිව්ව
උන් දන්නවලු මගෙ හිත
තාමත් ආදරෙයි කියල

2012/07/29

මම සින්ඩරෙල්ලා

මම සින්ඩරෙල්ලා
සපත්තුව නැති උනා...
හොයා ගත්තොත් ඔබ
අරන් එන්න විගහට
දැන් නම්
ඔරලෝසුවෙ
වෙලාව 12ට කිට්ටුයි
සපත්තුව
වෙන කෙනෙක්ට
දැම්ම වත්ද?

2012/07/28

යන්න කී ඔබ් නෙතේ කඳුලු

නුවන් යුග
සමීපව
අදුන් ගෑ
ඔබමද?
කඳුලු මට
පුද දෙමින්
දුරස්  වන්නට
කීවෙ...
තවම මම
හිතනවා
හිත මගේ
තැවෙනවා
යන්න කී ඔබ් නෙතේ
කඳුලු
ඇයි මා දුටුවෙ!!!

හිතුනෙ මට වැලඳ ගන්නයි

හිතුනෙ මට
වැලඳ ගන්නයි
දෙතොලෙ හැඩ
කියා දෙන්නයි
උනේ මට
ගලක් මෙන්
ඔබ යනව
බලා ඉන්නයි

අවදි වී මා හිදින්නෙ

අවදි වී මා හිදින්නෙ
සඳ කුමරුනි වඩින්න
සීතලෙන් මා ගැහෙන්නෙ
උනුහුමෙන් මා වෙලන්න
නෙත් මගේ නෑ පියෙන්නෙ
පෙම් වදන් ඔබ කියන්න
නෙතු මගේ පිය වුනොත්
දෙතොල් පෙති මගෙ තෙමන්න

තව තවත් කවි ලියනු

කෑ ගසන
හදවත
නිහඩ වනු
පොපියනා
කඳුලැල්ල
නතර වනු
හීන දුටු
සිතිවිලි
ගල්ගැසෙනු
ඇත්ත
තිත්තයි
මුහුන දෙනු
නොකියූ
වදන්
තව සොයනු
සුසුමක
බරට
ගී කියනු
දුර ඉදන්
දෙස බලා
සිනාවනු
පෙම නමින්
තව තවත්
කවි ලියනු

අහසටම පෙම් බඳින

කිරිල්ලිය තටු සොයන
අහසටම පෙම් බඳින
කුණාටුවක් ඇතත්
පෙම් නදින් තව ගයන
මම
කිරිල්ලිය තටු සොයන
අහසටම පෙම් බඳින

හිතත් මගෙ පොතත් මගෙ

හිතත් මගෙ
පොතත් මගෙ
වචන මගෙ
කවිය මගෙ
සිතුම් මගෙ
පැතුම් මගෙ
හීන මගෙ
කඳුල මගෙ
හැමදාමත්
මා ඔබගෙ!

2012/06/04

ළදරු සිතිවිලි

උමතු හිත ලඟ
ළදරු සිතිවිලි
ඇයිද
උමතු වූ කාරණේ
නොඅසන්න ඔබ
මමද නොදනිමි
ඇයි
මෙලෙස මා බොළඳ උනේ

මගෙ මෝඩ කිරිල්ලිය

ලා රෝස දෙතොලේ
සැඟවුන වදන්
නොකියාම
හිත් රිද්ද ගනිමින්
ඉතින්
බොළද කම් කරමින්
දෙයි තරහවන්
තරවටු කලේ නම්
මා සෙනෙහසින්
නොහඬන්න
මගෙ මෝඩ කිරිල්ලිය
ඉතින්
හිත රිදෙයි වැටෙන විට
කඳුලැලි නෙතින්


"ඔබ නොකියූ වදන්- මගේ සිතිවිලි"

කෙලසක කියන්නද


පෙම් කල නිසා මම හොර රහසේ
තනි වෙන්නදෝ මම තනි අහසේ
සැඟවෙන්න ආසයි ඔය නෙත් පහසේ
කෙලසක කියන්නද පෙම සිතු සේ