2012/05/26

හීන් සීරුවට ගී මිමිනෙනවා

හීන් සීරුවට
ටිප් ටිප් ටිප් ටිප්
වැහි පොද වැටෙනා හඬ

හීන් සීරුවට
සර සර සර සර
තුරු පත් ගැටෙනා හඬ

හීන් සීරුවට
ලබ් ඩබ් ලබ් ඩබ්
හදවත ගැහෙනා හඬ

හීන් සීරුවට
හ්ම් හ්ම් හ්ම් හ්ම්
ගී මිමිනෙනවා හැඩ

2012/05/24

හරිමි හද කවුලු පත්


මගෙ කටකාරී
හදවතේ ලැගුම් ගත්
ඉන්න ලඟටම වී
හරිමි හද කවුලු පත්

"ඔබ නොකියූ වදන්-මගේ සිතිවිලි"

ඔබේ හදවත

සසර
කතර
අතර
තුර
නිතර
නතර
උන තැන

හිත අතරමන් වෙලා ඇත්තමයි රත්තරන්

හිත අතරමන් වෙලා
ඇත්තමයි රත්තරන්
ගැහෙනවා තවමත්
ලබ් ඩබ් හඬ නොවේ
ඔය නමයි ඇහෙන්නේ
මේ මොන උමතුවක්ද
මං දැන් මගෙ නොවෙද
හිත අතරමන් වෙලා
ඇත්තමයි රත්තරන්

ඔබෙයි මගෙ හදවත


සිඹ්න්නද නලලත
කියන්නද සෙනෙහස
සෙමෙන් හිස පිරිමැද
එන්නද මම තුරුලට
ගොලු මුවින් මම අසා
සිනා පා ඔබ වෙත
වෙන්ව යන්නම් හිතවත
ඔබෙයි මගෙ හදවත

2012/05/19

සමනලියක්මැයි

ඔබ අහිංසකයි
සමනලියක්මැයි
ඔය සුමුදු පියාපත්
නොතලමි ඉතින්
මා දේදුන්නක්මැයි
ඔබ සැරසු වර්ණමයි
සදා ඔබේ ලඟින්
පායන්නම් ඉතින්


"ඔබ නොකියූ වදන්-මගේ සිතිවිලි"

ඔබේ කඳුලු දැක

ඇස් කොනේ
පොපියමින්
කඩා නොවැටුන
ඔබේ කඳුලු
දැක
ඇස් පියන් යටින්
කඩා වැටුනා
ඔබ නොදුටු
මගේ කඳුලු

අශෝක මාලා


ධවල
මල
නිමල
දුල
සසල
කල
රදළ
කුල

ඔබ

සුවඳකි
කිසි දින
මතකෙන්
නොයනා

දසුනකි
සිත්තම
හද තුල
ඇඳුනා

ස්වරයකි
ගී පද
අතරේ
මැවෙනා

අරුමෙකි
ඔබ මට
මගෙමයි
දැනෙනා

වැලද ගත්තෙමි

වැලද ගත්තෙමි
එක් වරක්
ලෝකයම මගේ විය
සිහිකරමි
දහස් වරක්
ඔබ මගේ නම් නොවිය

දැනුනොතින්

පිනි බින්ඳුවක්ද ඔය ඇස් කොනේ
කවට ලෙස ඔබ අසාවී
මා හද මඬල දැනුනොතින්
කඳුලු ගංඟා ගලාවී....

2012/05/12

එමි ඔබෙ වෙලා

හුරතල් කතා
තව තව ගොතා
ප්‍රේමය හදින්
රහසේ පුරා

නොහඬා හඬා
ඔබ මඟ බලා
මගෙ ළඟ ඉදී
සෙනෙහස පතා

තුරුලට වෙලා
සුසුමක වෙලා
ලන් වෙන්න දැන්
එමි ඔබෙ වෙලා

"ඔබ නොකියූ වදන්-මගේ සිතිවිලි"

2012/05/07

විහිළු කලේ මං

විහිළු කලේ මං
රණ්ඩු කලේ ඔබ
සෙනේ සිතින්මයි
ඇයි ඇස් රතු වෙලා
ළදරුවෙක් වගේ ඔබ
කියන ඒ මුඳු වදන්
තවත් ඔබ ලංකරන්
තරවටුවක් කලා

"ඔබ නොකියූ වදන්-මගේ සිතිවිලි"

2012/05/02

හදවත වේ කිති

මිහිරැති
හැඟුමකි
මගෙ හිතේ
නිම්නැති

විසිරෙති
මල් පෙති
සමනලයෙක්
වෙන්නැති

තව තව
පිඹිදෙති
හදවත
වේ කිති

පින් නැති
ලඟ නැති
හේතුව
නොකියති