2012/08/27

2012/08/26

මොකක් මම අයිස් කැටයක්?


හරිම සීතලයි
මෙන්න මාව ගල් වෙනව
මොකක්ද මේ හැඩය?
මම කැමති නෑ....
මොකක් මම අයිස් කැටයක්?
නෑ නෑ මම වතුර

මම අන්ධ වුනා


මම අන්ධ වුනා
ඔබ ගොළු වුනා
ඔබ කතා කරනවද දැන්?
මම දැන්
අඳ ගොළු බිහිරි!!!

අපි හොයමු එළි වැටක්


කෝ මගෙ කවිය
නැති වෙන්න එපා ඔයා
නැති වුනා එළිසමය
ඒත් පද වැල් ඉතුරුයි
අපි හොයමු එළි වැටක්
අයෙමත් ඉතින්

සීනි කැටේ

කූඹියෙක් එනව
අරන් යයිද මාව
කෝ ඒ හැන්ද
මාව බිම දාපු
බෝතලේම
ඉන්න තිබුනෙ
.......සීනි කැටේ......

2012/08/18

ඔබ නොදන්න මේ ආදරය

හැම සුසුමකම හිරවී
ගිලිහී නොයන්නේ ඇයි
ආදරේ තාමත් හද වෙලන්නේ ඇයි
ඔබ නොදන්න මේ ආදරය
විශ්වය තරම් ඇයි????

මගේ මොලේ

අනේ
බොලේ
මගේ
මොලේ
මම ඒක
දාල
ඇලේ

.....ඇලේ මාළු ඉන්නවද අම්මෙ???? :O :P he heee......

2012/08/15

මේ නාටකය "හිම කුමාරි"

හිමකුමරිය මම
කුරුමිට්ටො ආව
මෙන්න මාව උස්සන යනව
කෝ මගෙ කුමාරය
මේ නාටකය "හිම කුමාරි"
ඔයා තාම
සින්ඩරෙල්ලා කතාවෙද?

......නාටාකේ මාරු වෙලාද? or කුමාරය මාරු වෙලාද? :P.......

යාළුවේ

මතකද
මම කිව්ව
ආදරෙයි
යාළුවේ
වදන් අද
ගොළුවෙලා
ඉන්නෙ මම
පාලුවේ

රූන් පෙත්ත මම කරකැවෙන

හමා එන්න සුළඟ ඔබ
රූන් පෙත්ත මම කරකැවෙන
පියාපත් නොකඩන්න
හමා යනවා නම් නැවත

2012/08/12

කතා නොකරන බෝනික්කා


ලස්සන ඇස් කතා කරනවා
ගවුම් පොඩි ඇඳ හැඩ පෙන්වනවා
හුරතල් පාටට බලන් ඉන්නවා
මම නම් ඔයාට කතා කරනවා

මගෙ සයනයෙ ඔයත් ඉන්නවා
යන යන තැන මම අරගෙන යනවා
මම ආදරෙයි හැමදාම කියනවා
ඔයා ගොලුවෙක් වගේ ඉන්නවා

2012/08/10

මැරිල වත්ද

මැරිල වත්ද
හුස්ම වැටෙන්නෙත් නෑ
මම වහපෙව්ව
මගෙ හිත
දැන් ඉතින් හයර් එකට වත්
හිතක් හොයා ගන්නව
අඩුවට ගන්න තැනක්
ඔයාල දන්නවද???

.....දොර closed .......

මායාකරු ඔබයි


මායාකරු ඔබයි
මා නිද්‍රාවක හෙලූ
ස්වප්න දන්ව්වේ
ඔබ හා සැරි සැරුවා

මායාකරු ඔබයි
උන්මාදයෙන් මම
සිතිවිලි පැටලී
මත් වීලා උන්නා

මායාකරු ඔබයි
මගෙ හිත කොනිත්තා
තුරුණු හැඟුමන්
උතුරා පිටාර ගැලුවා

හැමදාම

හීනයෙන් හැමදාම
එන්නෙපා රත්තරන්
මගෙ හිතට ඔබෙ මතක
තියෙනවා ඇතිතරන්

....මම හැමදාම හීනෙන් දකිනව.....

2012/08/06

දිරා ගියා ආදරයක හතු පිපිලා

හතු පිපිලා
දිරා ගියා ආදරයක
හතු පිපිලා
දිය බිංදු ඉසින්නට
අහස ඇයි හිතුවේ
සඳ රැස් පණ දේවි
කවුරුන්ද සිතුවේ
කොනහන්නෙ සාරයයි
ජීවයේ
හතු පිපිලා
දිරා ගියා ආදරයක
හතු පිපිලා

මගෙ හිත හතරැස්


මගෙ හිත හතරැස්
Including ගල් පස්
සිතිවිලි නිදහස්
No entrance පෙම් අදහස් 
......දොර closed......

තව එකක් ? අනේ එපා!

ආ!! ඒක
ඒක මම පොඩි කලා
කෝවෙ දාල
මකල දැම්ම
තව එකක්??
අනේ එපා
කනා මැදිරියට
මම බයයි!

වරු ගනන් මම ඔබ දෙස බලා ඉන්නවා

මතකය
හිත පහුරු ගානවා
පන්හිඳ
අකුරක එය අමුනනවා
සියපත
නැවතත් විකසිත වෙනවා
මගෙහිත
තවමත් ආදරෙ දෙනවා

වරු ගනන්
මම ඔබ දෙස
බලා ඉන්නවා
ගවු ගනන්
මගෙ හිත
ඈත ඇදෙනවා
හීන මාළිඟා
ළඟ ඇස්
නිදා වැටෙනවා
ඔබ නැති
දිවියේ සුසුමත් සීතල වෙනවා

2012/08/02

ක්ෂිතිජයක දුර යන්නෙ

සන්සාරෙන් සන්සාරෙට
ගෙන යන්න සිටියා
ආදරේ

දඟපාන සමනල්ලු
හිත ගාව හුරතල් වෙලා
හිනැහෙන්න මට දුන්න
ඒ හැඟුමන් ඔබ ගෙන ගියා

මල් පාට දේදුන්නෙ
නැලවෙන්න නෑ ලන් වෙලා
ක්ෂිතිජයක දුර යන්නෙ
නෙත ගාව කඳුලක් තියා


මගෙ ගීයෙ මගෙ ළඟම
ඔබ උන්නෙ පද වැල් වෙලා
තනුවකට ස්වර වැයුන
සදහටම ඔබ ගොලුවෙලා

සන්සාරෙන් සන්සාරෙට
ගෙන යන්න සිටියා
ආදරේ

පරිඝනකය ළඟ මම

තරහද
තෙලිතුඩ
කෝ නෑ
මගෙ පොත
පින්සල් කොයිබද
සායම් නෑ අත
පරිඝනකය
ළඟ මම
බලා ඉදිමි අද

ඇයි අතරමන් වෙලා

මගෙ වචන නැතිවෙලා
සිතිවිලි හිර වෙලා
කවි පද හැංඟිලා
ඇයි මාව ගොළු වෙලා
නින්ද මගෙ නැති වෙලා
හීන ඇයි බොඳ වෙලා
හිනා මගෙ නැවතිලා
ඇයි අතරමන් වෙලා

ගිය නුවණ

අශ්වයා පැන ගියා
ඉස්තාලෙ වහපන්
හකුරු බේරන්න නම්
වක්කඩේ හංඟපන්
යුද්දයක් නෑ ඉතින්
කඩුවෙන් කොස් කොටාපන්
ගිය නුවණ දැන් ඉතින්
ඇතුන් ලවා අද්දපන්
නැව ගිලුන දැන් ඉතින්
බෑන් චූන් ගසාපන්

2012/08/01

මගේ හිතම අමතක වුනා

හිත පතුලෙම රැදුනා
ඔබ ගැන
හැම සුසුමකම රැදුනා
පියවුන නෙත් තුල
ඔබ
හීනයක් ව රැදුනා
ආදරය මෙතෙකයැයි
කියමිද කෙලෙසක
මටත් නොතේරෙයි
ඔබ ළඟින් එන විට
මට
මගේ හිතම අමතක වුනා