2012/11/08

තාත්තියි දුවයි




"මගෙ සුදු තාත්තී"
හුරතලෙන් තෙපලනා
සිඟිති මුවගේ සිනා
මල් පොකුරු විසිරුනා
පටලමින් දෙපා පොඩි
දිව අවුත් ලන්වෙලා
දඟ කරන කෙහෙරැල්ල
සුළඟට ලෙලවුනා

"මගෙ දූ පැටික්කී"
ඔහු පෙමින් අමතනා
මුදු කොපුල් සිඹ සනහ
පපුතුරේ ගුලිවෙනා
නිම්නැති කතාවක
ඔහු පිය රජු වෙනා
දෙවෙනිද බිසව දැන්
හද මගේ ඉපිලෙනා



4 comments:

  1. It's so beautiful... but in the end, there will be one queen in his old thrones... so i think, secretly from both mom and daughter, father loves mom even more..

    ReplyDelete
  2. ඔයා මේකෙන් කියන්නේ මං අවුරුදු හතරක් තිස්සේ දකින හීනයක්‌ ගැන............
    ඔයා මෙච්චර කල ලියපු කවි වලින් මේ මොහොතේ ඉඳන් මං ආසම කවිය මේක උප්පියෝ..........
    මගේ හිත වැඩියෙන්ම සසල කරපු කවියත් මේකයි

    ReplyDelete
    Replies
    1. මමත් මේ හීනය දකිනව පංචි! :) තනියම නෙමෙයි.

      Delete