2014/04/15

කට කහනවට කියන එව්වා 2014: 02 - "මුවන් දැක දුවන ළඳ"

කොල හැලෙන
ගහක් යට
හෙවන
බිත්ති හතරක්
මැද රැඳුන
පවන
ඇතුන් ලවා
අදිනු බැරි
නුවණ
වගෙයි ළඳ
මුවන් දැක
දුවන

2014/04/12

කට කහනවට කියන එව්වා 2014: 01 - "කුඩය"

අහස අඬනකොට
මට කතා කලේ
ඒ කඳුලු මගෙ නෙමෙයිනෙ

ඉර පිච්චෙනව කියල
මම මක් කරන්නද
ඒ ගින්දර තිබ්බෙ මම නෙමෙයිනෙ

අහුමුලු වල ඉඳල
මට නම් දැන් අති වෙලා
මාව හදන්න කිව්වෙ මම නෙමෙයිනෙ


අවරගිර හිරුට හිනාවෙන අපි


අවුදින් 
මූදු සුළඟේ
පාවූ දිය බිඳක්
කාෂ්ඨක අවු රැල්ල
අකා මකා...
ලෝකයක් ඉදිරියේ
ලෝකයෙන් සැඟවිලා
අවරගිර හිරුට 
හිනාවෙන, 
අපි ළඟ නැවතිලා..