2014/06/27

නියන් වෙච්ච හදවතට

නියන් වෙච්ච
හදවතට
අත වැනුව
පුළිඟුව
ගිනි තියලා ගියා

අකලට වැටුන
පොද වැස්ස
අළු වෙච්ච
හිත උඩින්
හේනක් වපුරල ගියා



කුරුල්ලෝ

ඉක්බිති
පියාඹති
තටු කැපූ
කුරුල්ලෝ!!!

ගහ කපල

ඉස්සර
මම එනකොට
මඟ බලා උන්
මාර ගහ
අලුත් පාර ළඟ
කුට්ටි කපල