2012/09/29

තෑග්ග මම අරන් තිබ්බ


අමතක නොවන දිනයක්
අමතක කරන්න
නියෝග වුන කෙනෙක්
රෑ දොළහට මුකුත් නෑ
තෑග්ග මම අරන් තිබ්බ
මේක පිස්සුවක් නෙමේ
හැඟීම් මානුශීයයි

............මට මතකයි යාළුවේ.............

මම පතොක් මල


මම
පතොක් මල
කටු ඇනෙයි
දුර ඉඳන්
බලල යන්න
ඔබ

ලිහමු පැටලුම්!


නූල් බෝලයක් පැටලිලා
අග මුල ඇමිණිලා
හදිස්සි වුනොත්
ගැට ගැහෙයි
හෙමින් සැරේ
ලිහමු පැටලුම්!

2012/09/27

මැරුනෙ මම නෙවෙයි


හයේ හතරෙ වලක් නෙමෙයි
පොඩි ඉඩක් ඇතිවෙයි
මැරුනෙ මම නෙවෙයි
මගෙ හිත විතරයි!

..........දොර closed.............

මූණ කැතවෙයි දෝනී


අඳුර කළු පාටින්
පාට කරන්නට පෙර
දැලි ගෑවිලා
මූණ කැතවෙයි
පාට පෙට්ටියක්
අරන් දෙන්නම්
අඟුරු අල්ලන්න
එපා උඹ
දෝනී...........

තනිකඩ නොවූ හිත



තනිකඩ නොවූ හිත
රැවටුනා ඔබ හට
නින්ද මට උරුම නැත
ඔබ කවුද කියන් මට

නොහිතුව මොහොතකට
රැගෙන විත් ඔය වත
අයිති නැති දුරක සිට
පෙම් පුරයි මගෙ සිත

දෑත් මත සුහුඹුල් පිහාටුවකි


දෑත් මත සුහුඹුල්
පිහාටුවකි
දෙනෙත් අග සිහිල් පිනි
කැටයකි
හිත පිරිමැද්ද මුදු
හැඟුමකි
ඔබ ඉන්න තැන හදේ
ගැඹුරකි

......"එක්තරා"......

සීතල හදවත


සීතල හදවත
පනක් නැති
හුස්ම ළඟ
මලගමක්

පෙ-ම


නම
ගම
නිම
පෙම
බිම
හැම
බැම
දම

ඔබේ මිනුම් දණ්ඩ "සල්ලි"


මගේ හදවතේ ස්වරයට
ඔබේ මිනුම් දණ්ඩ "සල්ලි"
ඉතින් මම දුප්පත්
මම පරාදයි!
හෙට ඔබේ ජීවිතයට
ඔබ සොයන වටිනාකම "ආදරය"
එදාට මම පෝසත්
ඔබ පරාදයි!

2012/09/24

මුළු හිතම අස්වැද්දූ ඇය


මුළු හිතම අස්වැද්දූ ඇය
පුරන් කුඹුරෙ මාළිඟා සෑදූ මම
අවසාන කැමැත්තෙ නොව
අවසාන සිතිවිල්ලෙ සින්නක්කරවම
"එක්තරා" ඇය

"එක්තරා" ඇය සිහිවන


ගිලිහෙන්න ඔන්න මෙන්න
සුසුමත් දැන් බරක් වෙලා
මැලවෙන මල හිරු
ඔච්චම් කරන්නෙ කාටද?
මේ මගෙ සැඳෑ සමය
"එක්තරා" ඇය සිහිවන

2012/09/23

හිත දියවෙයි රත්තරන්


ඔය ඇස් යට ගිනි පුපුරු
හිත දියවෙයි රත්තරන්
මගෙ ඇස් යට කඳුලු බිඳු
හිත ගලක් වෙනව නොදැන මං
ඔබ සැරිසරන හීන ලෝකෙ
තවම අවදිවෙන්නෙ නැත්නම්
ඔබ එපා කී හිත ළඟ
සොහොන් කොත හැදුව මං

2012/09/22

මම පෝස්ටරයක්!


තාප්පෙ ඇලවිලා
අවුවට වැස්සට තෙමි තෙමි
මම කියන්නෙ මොකක්ද?
ඔය ඇස් ගෙඩි ඇරල පොඩ්ඩක් බලපල්ලා
මම පෝස්ටරයක්!

2012/09/21

යතාර්ථය


හෘද සන්තානයම
අමාවකට දන්දීල මම
ඔබ ඉටිපන්දම් එලියෙන්
දුක එකතු කරනව
යතාර්ථය
බ්ලොක් කරල පුලුවන්ද?
හා එහෙනම්
හිතන්න පතන්න තහනම්!
බෝඩ් එක එල්ලුව මම!

...............දැක්කොත් අහක බලන් යන්න...............

2012/09/19

පෙලයි හද සියුමැලි


සිහිල් රැලි
සෙවනැලි
තාම වෙලයි
සිතිවිලි
සුසුම් පොදි
සැලි සැලි
පෙලයි හද
සියුමැලි

කට්ටෙන් එලියට එන්න ඕන


ඔන්න මම ආවා!!!!
කට්ටෙන් එලියට එන්න ඕන
අම්මෙ උණුහුම දෙන්න
මමත් ලස්සන පැටියෙක්
ලඟදිම එන්නම් ඔයා ගාවට
කවුද මේ තටටු දාන්නෙ?
අයියෝ මාව තාච්චියට වැටුන :(
අනේ අම්මෙ මේ උණුහුම නම් උහුලන්න බෑ!

2012/09/16

දැන් මම express train


දෙපැත්තට වැනි වැනි
කුචු කුචු දඩස් දඩස්
කිසිදාක එක් නොවන රේල් පාරෙ
හැම තැනම නැවතුන කාලෙ ඉවරයි
දැන් මම express train

2012/09/14

ඔබේ කේන්තිය-මගේ වේදනාව


ඔබේ කේන්තිය
දිය මත පාවෙන අයිස් කුට්ටියක්
මගේ වේදනාව
දිය යට සැඟවුන අයිස් කන්දක්

මගෙ හිත සැනසේවී


සුරඟනක් වන් ලඳක්
ඔය තුරුලේ නැලවී
ඔය හිත සනසාවී
ඇත්තමයි රත්තරන්
මගෙ හිත සැනසේවී

..........නව දැලි හේනෙ වැදිරියක්..........

මම රුපියලේ සිලි උරයක්!


මොනවද තව පුරවන්නෙ
මට දරන්න බෑ
කඩන් වැටෙන්නත් ළඟයි
තේරෙන්නෙ නැද්ද?
මම රුපියලේ සිලි උරයක්!

ආදරය අහස උසට නැඟ



ආදරය අහස උසට නැඟ
වළාකුලක් බරට කඳුලු නැගුන නිසා
වැස්සක් වෙලා බිමට වැටුනත්
වැහිදිය සාර කල මහ පොළවෙ
සුවඳ මල් පිපුනා
ඒ මල් වලින් හමන්නෙත්
ආදරයෙ සුවඳමද?

කාලය ගෙවී


තත්පර කට්ට හෙමිහිට
විනාඩියෙන් විනාඩිය
පැයෙන් පැය ගෙවී
දවසින් දවස
සති මාස අවුරුදු
කාලය ගෙවී
දියවී යන ජිවිතය ළඟ
මතක පොත නැති වුනාද?

2012/09/01

උස්සන් ඇවිත් මේ හිත

හපොයි
හරි මහන්සියි
උස්සන් ඇවිත්
මේ හිත
මෙච්චර බර වෙන්න
මොනව තියනවද?
අස්පස් කරන්න ඕන
වෙලාවක

......දොර closed........

ආදරය මා ගාව

හිනැහෙන මල් ගාව
ඔය දෙතොල් දඟ පෑව
සුවඳයි ඔබ ගාව
ආදරය මට පෑව
සසරේම මා ගාව
ඉන්න මගෙ හිත ගාව
ඔබ සොය සොය ආව
ආදරය මා ගාව

.......ඔබ නොකියූ වදන්-මගේ සිතිවිලි........

2012/08/30 දින රාත්‍රියේදී

2012/08/30 දින රාත්‍රියේදී

දයාබර හෙවනැල්ල වෙත,
මම මාව හොයා ගත්ත, ඒත් ඔයා නැති වෙලා.

කැඩපතෙන් දුටු මම.

මමත් හෙව්වෙ උදව්වක්!

හොයනවා
මොනවද?
කියන්නම ඕනද?
හම්බවුනාද?
තාම නෑ
උදවු කරන්නද?
මමත් හෙව්වෙ උදව්වක්!