2012/03/31

මට නම් දැන් තද වීලා

අහසට ගල් ගහලා
තරුවකට වෙඩි තියලා
හඳටත් හොදහැටි බැනලා
මට නම් දැන් තද වීලා

සුලඟත් දැන් අඹරාලා
පොලවට හොඳ හැටි රවලා
හොම්ඹට හතරක් ඇනලා
මට නම් දැන් තද වීලා

2012/03/28

ඔබ දන්නේ නෑ


පෙන කැටි හැපි හැපි
ලඟ විත් නැවතී
වැලි කැට අතරේ
ගිලී සැඟව ගති
හැපී බිදෙන රල
දිය බිඳු සිහිලස
දැනුනේ නෑ මට
උණුහුම සිත ඇති
පෙනි පෙනි නොපෙනී
නැඟුන කඳුලු සිදී
ඔබ දන්නේ නෑ
මා ඔබට සෙනෙහෙ පිදු

2012/03/26

දැහැන් ගත භාවනාවක්

එකම එක පැතුමක්
දැහැන් ගත භාවනාවක්
ඔබට බැඳුනු සිත
මා වෙත ඉනාවක්

ඔබෙන් එක සිනාවක්
දකින්නට වතාවක්
නෙත් හඬනා හැටි
දැනුනිද එක වතාවක්

ආවත් කොපමන බඹරෙක්
නෑ සිතේ සැලීමක්
මා ඔබට පිදූ සිත
සදාකාලික බැදීමක්

පිපුන මලකට පුදසුනක්
වේ නම් ඔය හද බිදක්
මගෙ ජීවිතය නවතන්න
නැතිද ඔබ ලඟ ඉඩක්

දේදුන්නේ රටාවක්
අඳින්නට සිතුවමක්
සැමදා ඔබ ලඟින් ඉන්න
ලැබෙනම් මට ඉඩක්

එකම එක පැතුමක්
දැහැන් ගත භාවනාවක්
ඔබට බැඳුනු සිත
මා වෙත ඉනාවක්

2012/03/23

යුග ගණන්

අන්ඳකාරේ
අවිද ගිය නියාවෙන්
කණාමැදිරියෙකු
නඟන
එළියෙන්
අන්ධ වේදෝ
දෙනෙත්

2012/03/22

ඔබේ සිතත් අවදියෙන්ද

නිදි දෙව්දුව සරනා
රෑ තුන් යාමේ
ඔබේ සිතත් අවදියෙන්ද
මගෙ සිත වාගේ

හීන පොතේ පිටු අතරේ
ලියා දුන්න කවි පේලිය
තවම බලනවා
මම තාම කියනවා

තරු අහසට පියාඹන්න
සඳ එලියෙන් පාර කියන
ඔබේ ප්‍රේම වදන් මගේ
සිත නලවනවා

2012/03/21

හේතු කාරකේ

සොයාගන්න මට
හිත හදා ගන්න හැටි
කියාදෙන්න මට
හේතු කාරකේ

පියාඹන්න මට
පියාපතක් ඇති
අහස අයිති නැති
හේතු කාරකේ

සුවඳ දෙන්න මට
පෙති විකසත වෙති
රොන් උරන්නෙ නැති
හේතු කාරකේ

කියාගන්න මට
දහසක් දේ ඇති
මා ගොලු කරනා
හේතු කාරකේ


2012/03/19

අමාවක රැයකි දැන්

සඳ නේන රාත්‍රියේ
තරු අහසම පිසගෙන
ඝනදුර රජවෙලා
මුලු අහස පුරාවට
ප්‍රිය සබද
මම අහස නම්
සඳ නුඹ නොනැගෙන නිති
අමාවක රැයකි දැන්

2012/03/18

මට වෙන හුට පට

දඩ බඩ
ලට පට
මට වෙන
හුට පට

ඉද හිට
පිට පිට
පැටලෙයි
රට වට

හිත වට
කර වැට
බඳිමිද
කොටු කොට

සට පට
එක පිට
වැටෙයි
කඳුලු කැට

යට කොට
හිත යට
බලනෙමි
දුර සිට

දඩ බඩ
ලට පට
මට වෙන
හුට පට

මගේ ගීතය

 වීනාවේ තත් බිදෙන තරමට
වයනා දුක්බර තනුවේ
එක් ස්වරයක් වී
මා කියන්නද මගේ ගීතය
ඇසුනාවේ මුලු ලෝකයටම
ඇසුනාවේ
ඔබට නෑසුන මගේ ගීතය
ඇසුනාවේ මුලු ලෝකයටම
ඇසුනාවේ

හෙට

ජීවත් වන්නට
නිමේශයකට
සිනහවක් මට දෙන්න
කවුරු නම් රැදේවිද
තනි වූ නෙත් අබියස
හෙට

ජීවිතය නොවිදවා
විඳින්නට මොහොතකට
මගේ හිස පිරි මැද
වදනක් පවසන්න ආදරෙන්
කවුරු නම් සිටීවිද
හෙට

මුවඟ රැදෙන විට සිනහවක්
දැනෙන විට හදවතට සනසුමක්
පතමි මම උදා නොවන්නට
දෛවය සරදම් කරනා
හෙට

ජීවිතෙත් ගලනා ගඟුලක්

නිදි නොලැබ සිටියෙමි වරුවක්
දෙස බලා අහසෙ එක තරුවක්
හිත හිතා කොපමන පෙරුම් පිරුවත්
ලැබෙන්නෙ නෑ මට අහසෙ තරුවක්

ඇවිද ගියෙමි මම ගවුවක්
නැවතුමක් නෑ තවමත්
ඉන්දෝ නොයිම්දෝ සිතුනත්
ජීවිතෙත් ගලනා ගඟුලක්

නිල් මහනෙල් මල

සුවදැති සොදුරු නිල් මහනෙල් මල
පිපුනා කලබමින් ගොහොරු මඩ වල
හිරු ලඟ පිපී හවසට පරව යන කල
කුමටද හඬන්නේ සිතමින් නොලැබෙනා මල

මගෙ යාලූ

හිත පාලූ
වෙනවාලූ
මගෙ යාලූ
ලඟ නෑලූ

නෙත් කඳුලූ
බර වැඩිලූ
මගෙ යාලූ
ලඟ ඇයලූ

දුර වැඩිලූ
ලඟ නැතිලූ
මේ සියලූ
දුක හිමිලූ

මගෙ විමනේ දොර වැසුනේ

මගෙ විමනේ
දොර වැසුනේ
කිම සඳුනේ
දුර රැදුනේ

හිත බිඳුනේ
මට රිදුනේ
බිඳ දැමුනේ
බැඳි බැමිනේ

දුක හිතුනේ
මට හැඬුනේ
ලොව දැවුනේ
මගෙ පමණේ

ඔබ ඉන්නෙ ඈතින්ම රැදිලා

දුර ඈත මීදුමේ හැපිලා
මද පවනෙ තාලයට හමලා
මල් රේනුවක සුවඳ දැනිලා
එනවාද හීනයක ඇඳිලා

තාලයට ම එක්ක ගයලා
හීනයේ ම එක්ක ඉදලා
හිනැහෙන්න ඔබ මට කියලා
ඔබ ඉන්නෙ ඈතින්ම රැදිලා

ගිලිහුනා මට තිබුන හබලත්

පදින්නට මට ඔරුවක්
ගිලිහුනා මට තිබුන හබලත්
නොහිත තව සැරයක්
ඉල්ලුවෙමි දෙවියන්ගෙ වරමක්

තවත් ගල් පරයක්
හැපිල මගෙ තිබුන ඔරුවත්
වැටුන ගඟටම සැරයක්
දැන් ඉතින් මට මොකෝ ගිලුනත්

වැහි කෝඩෙට හසු වී

වැහි කෝඩෙට හසු වී මම
උන්නා වරුවක් එක තැන
එක පිට එක වැටෙනා පොඳ
දිව්වා පෙරලු මතකෙට

බොඳ වී යන වැහි බිඳු ළඟ
තැබුවා හීනෙක අදහස
බොඳ වෙන තුරු ඇස් දෙක ළඟ
හැඩුවෙමි හෙමිහිට තාලෙට

හිරිකඩ වැටිලා කොපුලට
ගැලුවා මුවගින් පහලට
මුසු වු කඳුලක හැඩතල
පෙනුනේ නෑ කිසි ඇසකට

නිහඩ තෙලිතුඩ අවදිවන්න

නිහඩ තෙලිතුඩ
අවදිවන්න කාලයයි
මේ නිහඩ බව
නසන්නට පෙර
බොලඳ වදන්
සඟවන්නපෙර
හඳවතේ හැගුම්
අමුන්න
අකුරු වැල්
ගලපන්න
සිහින මල්
ආත්මය වෙලා සිටි
කවිත්වය හඩ ගසයි
නැවතත්
නිහඩ තෙලිතුඩ
අවදිවන්න කාලයයි