2012/04/09

ආදරෙයි මම ආදරෙයි

ඔය දෙනෙත් ලඟ උමතු වී හිද
හදේ ස්වරයට අමතලා
ආදරෙයි මම ආදරෙයි
කෙසේ කියමිද ලන්වෙලා

ඔය සිතේ මා නැවතිලා
ඉන්නවා මම දන්නවා
මේ පෙමින් මා මියෙනවා
ඔබ දන්නවා මා දන්නවා

අහසට තරු කැට විසිකෙරුවේ මම
ඔබත් එක්ක හිනා වෙන්න
මතු භවයක හමුවනා තුරු
හද පතුලේ ඔබ නිදන්න

(මිතුරෙකුට ලියා දුන් ගීතයකි )

No comments:

Post a Comment