2012/04/02

කිවිදා මරා දැමීම


කවි කම තිබුනා
උපතින් රැගෙන විත් තිබුනා
පද වැල් තිබුනා
ටික ටික අමුනමින් උන්නා
මට දුන්නා
දෙවියන් මට හීන ගොඩක් දුන්නා
කිවිදෙක් පෙන්නා
කවි රස සුමියුරු ලෙස පෙන්නා
හදවතට ඇන්නා
කිවිදා මගෙ පිහියෙන් ඇන්නා
සරඹ පෙන්නා
මා කිවිදා මරා දැම්මා

කෲර කිවිදිය හා හා හා!

No comments:

Post a Comment