වළාකුල් බර
වෙලා
ඇස් අහසෙ වැහි
බිංඳු
හිතට අකුණු
ගැහුවෙ
මම ඉල්ලල
නෙමෙයි
ගොරවන සද්දෙට
ඇග හිරි
වැටුනත්
කඳුලු වල
පාකලේ
කවි ලියපු කොල
ඉරල
කුඩයක් නැතුවම
ගව් ගානක්
යද්දි
එක් වියනක්
යටදි
ඔබ තනිවී උන්න
හිරිකඩ වැදෙනව
ඔබ තව තෙමෙනව
දෑත් එක් කරල
හිරිකඩ මුවා
කළා
මම විඩාපත් වෙලා
වැතිරුනා වියන
යට
සුවනින්දක්
ලැබුනෙ
බෝ කලකට පස්සෙ
ඔබ සුවපත් වෙලා
මා දිහා
බලාගෙන
ඉර එළියට
දැක්ක
හිනා මල්
දිලිසෙනව
වැහි අඳුර නැතිවෙලා
සුදු වළා
පාවෙනව
තටු ආවෙ
නැතිවුනත්
ඔබ හා පියාඹමි!
No comments:
Post a Comment