2013/01/30
2013/01/29
තුන්වෙනි පංතියෙ කකුල
දරිද්‍රතාවයෙන් උලුක් වෙලා
තුන්වෙනි පංතියෙ කකුල
වේදනාවට බෙහෙතක් දෙන
පනත සම්මත වුනේ නෑ
පළවෙනි පංතියෙ ලේන්සුවකින්
වෙලුම් පටියක් දැම්ම!
............විප්ලවකාරී...........
2013/01/24
නොදන්නා වසන්තය
හිනා පුරන ඇස්
මඟ හැර යන්නට
ලඳුනේ මා හට
පාර කියනවද
මමත් නොදන්නා
මේ වසන්තය
කෙදිනකදෝ මට
අරගෙනගෙන ආවේ
පොපියන දෙතොලඟ
වදනක් වන්නට
ගොළුවත මා
දැන් සිඳ බිඳලන්නද
මමත් නොදන මගෙ
හිත දැන් කොතැනද
කොහෙදෝ ඔබ එය
සිර ගත කෙරුවේ
2013/01/22
කෝ මේ හිත???
හිත ඉරා
විසිකෙරුවෙ
කොතනටද?
කෝ මට
මතක නෑ
අන්න එයා
ආයෙ ඇවිත්
ගම්ගාල වත්
අලව ගන්න
කෝ මේ හිත???
2013/01/20
ලොකු කාර් පිහදාල මමත් ගන්නව දවසක
2013/01/11
තටු ආවෙ නැතිවුනත් ඔබ හා පියාඹමි!
වළාකුල් බර
වෙලා
ඇස් අහසෙ වැහි
බිංඳු
හිතට අකුණු
ගැහුවෙ
මම ඉල්ලල
නෙමෙයි
ගොරවන සද්දෙට
ඇග හිරි
වැටුනත්
කඳුලු වල
පාකලේ
කවි ලියපු කොල
ඉරල
කුඩයක් නැතුවම
ගව් ගානක්
යද්දි
එක් වියනක්
යටදි
ඔබ තනිවී උන්න
හිරිකඩ වැදෙනව
ඔබ තව තෙමෙනව
දෑත් එක් කරල
හිරිකඩ මුවා
කළා
මම විඩාපත් වෙලා
වැතිරුනා වියන
යට
සුවනින්දක්
ලැබුනෙ
බෝ කලකට පස්සෙ
ඔබ සුවපත් වෙලා
මා දිහා
බලාගෙන
ඉර එළියට
දැක්ක
හිනා මල්
දිලිසෙනව
වැහි අඳුර නැතිවෙලා
සුදු වළා
පාවෙනව
තටු ආවෙ
නැතිවුනත්
ඔබ හා පියාඹමි!
2013/01/05
suicide කරමි
සිතිවිලි තනි වුන තැන
මතකය පමණක් ඉතිරිව
පණ අදින ආත්මයකට
ගිලිහෙන්න ඉඩදෙන්න
ත්‍රිමානයෙන් ද්විමානයට යමි!
හිත මියෙන්නේ නම්
මංමුලාවී සැරිසරන්නෙමි
ඔබ අත් හැරි තැනින්
මගෙ සුසුම් මට හිමිද
හිත මියෙන්නේ නම් ඉතින්
2013/01/02
ඔබ හා බැදී
ඔබ හා බැදී
මද පවනෙ වෙලී
පාවි පාවි
ඈත යාවී
සිතිවිලී............
කිරිල්ලියක්දෝ
සමනලියක්දෝ
සැහැල්ලු
පියාපතක් මට ලැබුනා
වලාකුල් ළඟ
සීතලේ
නිල් අහස් කුස
තුලේ
ඔබෙ තුරුලේ
මා
හද පතුලේ
ඔබ
හීනයක්දෝ
සැබෑවක්දෝ
පාවී පාවී
ඈත යාවී
සිතිවිලී............
Subscribe to:
Posts (Atom)