
තාත්ත හිටියෙ මනෝ ලෝකෙ
අම්ම හිටියෙ හීන ලෝකෙ
අක්කට ඕනෙ ප්‍රේම ලෝකෙ
දන්නෙ නෑ අයිය මොන ලෝකෙ
ඒ හින්ද මට යන්න වුනා
.
.
.
දිව්‍යලෝකෙ!

අනන්ත අහස පුරාවට
ඒක් හිස් පිටුවකි
චිත්‍රයක් අදින්නට
පාට සෙව්වෙමි
ඒත්
දේදුන්නක් පායා නැත!
හබා යමි
අරමුණ
හැබෑවත්
සිහිනයත්
යා කරනු පිණිස
ලියන්න හිතුනත්
ලියවෙන්නෙ නැති
කතන්දර
පොත් රාක්කෙ
ඉඩ මදිවෙයි
මතක ගබඩාවට දාල
දොර වැහුව
කාවො කාල තිබුනොතින්
හිත දොස්
කියාවිද?

හිනැහෙනවද ඔබ?
තාමත් ඉස්සර වගේ
සේපාලිකා මල් දුටුව සඳ සේ
නෙත් වසා සිහිකරමි
ඔය සිනා මුව මඬළ
..................
නෙතඟ සීතල මන්ද
ඔව්
මම රාධා නොවේ!

නියන් වෙච්ච
හදවතට
අත වැනුව
පුළිඟුව
ගිනි තියලා ගියා
අකලට වැටුන
පොද වැස්ස
අළු වෙච්ච
හිත උඩින්
හේනක් වපුරල ගියා
ඉක්බිති
පියාඹති
තටු කැපූ
කුරුල්ලෝ!!!