සඳ උත්පලාවී / Lily On Moon
මම හදවතට දැනෙන දේ ලියන්නෙමි මෙලෙසින් I'm writing what I feel
2015/01/16
නෙත් වසා සිහිකරමි
හිනැහෙනවද ඔබ?
තාමත් ඉස්සර වගේ
සේපාලිකා මල් දුටුව සඳ සේ
නෙත් වසා සිහිකරමි
ඔය සිනා මුව මඬළ
..................
නෙතඟ සීතල මන්ද
ඔව්
මම රාධා නොවේ!
2014/06/27
නියන් වෙච්ච හදවතට
නියන් වෙච්ච
හදවතට
අත වැනුව
පුළිඟුව
ගිනි තියලා ගියා
අකලට වැටුන
පොද වැස්ස
අළු වෙච්ච
හිත උඩින්
හේනක් වපුරල ගියා
කුරුල්ලෝ
ඉක්බිති
පියාඹති
තටු කැපූ
කුරුල්ලෝ!!!
ගහ කපල
ඉස්සර
මම එනකොට
මඟ බලා උන්
මාර ගහ
අලුත් පාර ළඟ
කුට්ටි කපල
2014/04/15
කට කහනවට කියන එව්වා 2014: 02 - "මුවන් දැක දුවන ළඳ"
කොල හැලෙන
ගහක් යට
හෙවන
බිත්ති හතරක්
මැද රැඳුන
පවන
ඇතුන් ලවා
අදිනු බැරි
නුවණ
වගෙයි ළඳ
මුවන් දැක
දුවන
2014/04/12
කට කහනවට කියන එව්වා 2014: 01 - "කුඩය"
අහස අඬනකොට
මට කතා කලේ
ඒ කඳුලු මගෙ නෙමෙයිනෙ
ඉර පිච්චෙනව කියල
මම මක් කරන්නද
ඒ ගින්දර තිබ්බෙ මම නෙමෙයිනෙ
අහුමුලු වල ඉඳල
මට නම් දැන් අති වෙලා
මාව හදන්න කිව්වෙ මම නෙමෙයිනෙ
අවරගිර හිරුට හිනාවෙන අපි
අවුදින්
මූදු සුළඟේ
පාවූ දිය බිඳක්
කාෂ්ඨක අවු රැල්ල
අකා මකා...
ලෝකයක් ඉදිරියේ
ලෝකයෙන් සැඟවිලා
අවරගිර හිරුට
හිනාවෙන,
අපි ළඟ නැවතිලා..
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)