2013/11/13

ඇයි හදිස්සිය?

වම දකුණ වම
සීරුවෙන් සිටීමක් නම් නෑ
ඉදල හිටල
තල්ලු කරන් ඉස්සර වෙලා යන අයත් ඉන්නව
ඇයි හදිස්සිය?
අපි ඔක්කොම යන්නෙ එකම තැනට

......මම මේ කිව්වෙ කූඹි පෝළිමක් ගැන......

ඇයි හදිස්සිය?

වම දකුණ වම
සීරුවෙන් සිටීමක් නම් නෑ
ඉදල හිටල
තල්ලු කරන් ඉස්සර වෙලා යන අයත් ඉන්නව
ඇයි හදිස්සිය?
අපි ඔක්කොම යන්නෙ එකම තැනට

......මම මේ කිව්වෙ කූඹි පෝළිමක් ගැන......

2013/10/28

නිල්ල දළු ලා වැඩෙයි

ඉඩෝරයට වැටෙන වැහි
මහපොළව සිඹියි නම්
කටුක ඉරිතැලුම් මත
නිල්ල දළු ලා වැඩෙයි

හෘද සාක්ෂිය ඇත්නම්

නිදොස් බව
කෑ ගසා
කියන්නට
අවැසි නැත
හෘද සාක්ෂිය
ඇත්තවුන්
තට්ටු කර
බලත්වා!

2013/08/13

වැස්ස

ඉඩෝරයට වැහි වැටිලා
කර්කෂ පොළවම තෙමිලා
තණ බිස්සක මල් පිපිලා
දුටුවෙමි හීනෙක පෙනිලා

ඇස් ඇරලා බැලුවාම
හිස් අහසක් දුටුවාම
වළාකුලට බැනලාම
වැස්සේ නෑනේ තාම

2013/07/19

මට තිබුන එකම දේ

න්‍යෂ්ටික බෝම්බයක්
ජිවිතයට වැටිල
සුනු විසුනු වී ගියා
හිරොෂිමාව
සන්තකව මට තිබුන
ආත්ම ධර්ය අරන්
ගොඩනැඟුව මම
ජපානය

කවි හොරා දැන් කොහෙද?

කවි ලියපු
කවි කියපු
කවි කාරයො
අතුරුදහන්!

වචන හොරකන් කරන්
ලිව්ව ඒ පද පේලි
නැවතීමේ තිතක්
නැතුවම නැවතිලා
රටාවක් හොයන්
කලාවක් හොයන්
රිද්මයට ලකුණු දෙන
රසිකයො පැන ගිහින්

කවි ලියපු
කවි කියපු
කවි කාරයො
අතුරුදහන්!