2012/12/31

නව වසර


මේ ඔරලොසුවෙ කටුව
පොඩ්ඩක් හෙමිහිට යමුද?
අද අන්තිම දවස
මම බිත්තියෙ ඉන්න
තව කොච්චර වෙලාවක්
ඉතුරු වෙලා තියෙනවද?
ටික් ටික් ටික් කියද්දි
මගෙ නම් ඇඟ හිරිවැටෙනව

......2012 කැලැන්ඩරේ.......

මේ ඔරලොසුවෙ කටුව
පොඩ්ඩක් හයියෙන් යමුද?
අද අන්තිම දවස
මම හැකිලිලා ඉන්න
තව කොච්චර වෙලාවක්
ඉතුරු වෙලා තියෙනවද?
ටික් ටික් ටික් කියද්දි
මට නම් ඉවසිල්ලක් නෑ

........2013 කැලැන්ඩරේ........

2012/12/23

තත්පරයක ඈ




තත්පරය ඔබ නවතින්න!
ඈ සිනාසෙන අයුරු
අවසර මට බලන් ඉන්න...
තත්පරය ඔබ පැනයන්න!
ඈ නෙතේ කඳුලු බිඳු
නොහැක මට බලන් ඉන්න...

උච්චතම ස්වරය


උත්කෘෂ්ඨ ප්‍රේමයක
උච්චතම ස්වරය
නිවැරදි තනුවකට
හඬ පාලනය යෙහෙකි!

කැඩී ගිය මල් බඳුන


කැඩී ගිය මල් බඳුන
කටු විසිරුන තැනක
නැවත සකසනු කුමට
විසිකරනු හැර ඉතින්

හැර යන්නෙමි ඉතින්


පෙරුම් පුරා කල්පයක්
මග බලා ජන්මයක්
එපා කියු ඔබව දැන්
හැර යන්නෙමි ඉතින්

කුරුටු ගෑමි


ගල් පතුරක මෙමා
කුරුටු ගෑමි පෙම් ගීය
සදාකාලික ගීය ඔබ
ගලකි අද හදමඬල

වැහිලිහිණී


විඩාබර පියාපත්
හකුලුවා බලා හිඳ
පියාඹන්න ඔබ
නැවතත්
වැහිලිහිණී
අහස මග බලයි
වළාකුල් බර වෙලා
වැහි බිඳු ඔබට
අඩගසයි
වැහිලිහිණී