2012/10/30

අපි සිරගත වෙලා!


සිරගත කරනු
ආදම් සහ ඊවා
කෑවෙ අපිද?
තහනම් ගහේ ගෙඩි
වරදකරුවො
නිදැල්ලේ
අපි සිරගත වෙලා!

2012/10/29

ජිවිතයෙන් පැරදුනා කියල හිතන මල්ලි කෙනෙක්ට අක්කගෙන් පණිවිඩයක්!


අහස හිස් වගෙයි එනමුදු ඉර හඳ තරු පායනවා
මුහුද රළු වගෙයි එනමුදු මුතුඇට එහි මතුවෙනවා
ඔබට තනි වගේ හිත වේදනාවෙන් කකියනවා
එනමුත් මල්ලි බෝ දෙනෙක් ඔබ වටා ඉන්නවා

පෙම ගිලිහුනා ඔබ හඬමින් වැලපෙනවා
එකම මිරිවැඩි සඟල ඉල්ලා ලතවෙනවා
කකුලක් නැති අයත් ලොව ජීවත් වෙනවා
අනාත දරුවො මල් වාගෙ හිනැහෙනවා

ආදරය ඕන අනාත වූ මිනිසුන්ට
ආදරය ඕන අසරණ පොඩි දරුවන්ට
ආදරය ඕන සතා සිව් පාවන්ට
ආදරය ඕන ආදරේ දෙන්න ඒ අයට

කඳුලු ගඟට පිටාර යන්නට දෙන්න
යන යකාට කොරහ බිඳලා දෙන්න
ඔබ ඔබේ ජිවිතේට ආදරෙ දෙන්න
මල්ලි ලොවම සනසන දරුවෙක් වෙන්න

වැටුන කෙනා නැඟිටින්නට දන්නවලූ
දන ගාමින් ඇවිදින්නව වෙනවාලූ
මඩේ පිපි නෙලුම සුවඳින් අගතැන් ලූ
හිතුවොත් කරන්න බැරි දේ ලොව නැතුවාලූ

අටලෝ දහම නිති දුක සැප පෙරෙලෙනවා
පැරදුන තැනින් දිනුමක් යලි ඇති වෙනවා
සාර්ථක චරිත පසුපස දුක් කතා තියෙනවා
දුකත් එක්ක කලාකරුවො ලෝකයෙ බිහිවෙනවා

හදවත විය යුතුයි බෙහෙවින් සුවිශාල
කරුණා දයා ගුණ සපුරා හද ආල
ලොව නන් අයුරින් තිබෙනා තාල
ඉදිරියට යන්න සොයමින් ජීවිතකාල

2012/10/27

memory එක


Port එකට plug කරල
Data ටික cut & paste කරල
Lap memory එක හිස් කලත්
Pen drive එක full වුනා
"You can't delete or Format"
Massage එකක් ආව!

2012/10/25

තනි තරුවී


තරු වලල්ලක තනි තරුවී
තරුවක් කඩන් වැටෙනවා
සඳ දිහාම බලන් ඉන්නෙපා
ඉර හොරෙන්ම බලන් ඉන්නවා

ඇස් අස්සට හීන හොයාගෙන
රෑ කුමරියො දහසක් එනවා
කෝ කොයිද තනි තරුවි
හිත මගෙ රහසේම අසනවා

අමාවකේ දවසක් ආ දා
මගෙ තරුවි ඔයත් මියෙනවා
ගොලු වෙච්ච ඉරද මම
මමත් අවරින් බැසගෙන යනවා

2012/10/23

වැඩෙන ගහක් මම


මගෙ අතු පතර වැඩෙයි
මල් පිපෙයි, ඵල හැදෙයි
තව තවත් ඉහල යයි
මම පුංචිම පුංචි පැලය කාලෙ
මට වඩා උසට තණකොළ
යාළු වුනා අපි තරහ වුනා
තුත්තිරි මල් මට හිනා වුනා
මගෙ යාළු මාලු, තණකොළ යාළු
තාමත් මම ඔයාල එක්කයි යාළු


2012/10/21

ආවෙ යාළුගෙ පුතු දකින්න


තෑගි ගොඩක් අරන් ආව
පුංචි පුතුට තෑගි දෙන්න
තාත්ත පුතේ තරහ වුනා
ඔය පුතාව මට නොදෙන්න
තාම අමනාපද ඔයා
පුතේ තාත්තගෙන් අහන්න
බොහෝ කාලයක් ගෙවිල ගියා
ආවෙ යාළුගෙ පුතු දකින්න
තාත්ත වගේම හිනා වෙනව
ලෝබයි මට බලන් ඉන්න
මගෙ දෝනිගෙ යාළු වෙලා
එනවද අපෙ ගෙදර යන්න



2012/10/20

ඒක රසවත් පොතක්


මමත් බොහොම උගත්
අද කෑවෙ එකසිය අට
වෙනස් භාෂාවකින් තිබුනත්
ඒක රසවත් පොතක්

....මම කාවෙක්....