2012/05/26

හීන් සීරුවට ගී මිමිනෙනවා

හීන් සීරුවට
ටිප් ටිප් ටිප් ටිප්
වැහි පොද වැටෙනා හඬ

හීන් සීරුවට
සර සර සර සර
තුරු පත් ගැටෙනා හඬ

හීන් සීරුවට
ලබ් ඩබ් ලබ් ඩබ්
හදවත ගැහෙනා හඬ

හීන් සීරුවට
හ්ම් හ්ම් හ්ම් හ්ම්
ගී මිමිනෙනවා හැඩ

2012/05/24

හරිමි හද කවුලු පත්


මගෙ කටකාරී
හදවතේ ලැගුම් ගත්
ඉන්න ලඟටම වී
හරිමි හද කවුලු පත්

"ඔබ නොකියූ වදන්-මගේ සිතිවිලි"

ඔබේ හදවත

සසර
කතර
අතර
තුර
නිතර
නතර
උන තැන

හිත අතරමන් වෙලා ඇත්තමයි රත්තරන්

හිත අතරමන් වෙලා
ඇත්තමයි රත්තරන්
ගැහෙනවා තවමත්
ලබ් ඩබ් හඬ නොවේ
ඔය නමයි ඇහෙන්නේ
මේ මොන උමතුවක්ද
මං දැන් මගෙ නොවෙද
හිත අතරමන් වෙලා
ඇත්තමයි රත්තරන්

ඔබෙයි මගෙ හදවත


සිඹ්න්නද නලලත
කියන්නද සෙනෙහස
සෙමෙන් හිස පිරිමැද
එන්නද මම තුරුලට
ගොලු මුවින් මම අසා
සිනා පා ඔබ වෙත
වෙන්ව යන්නම් හිතවත
ඔබෙයි මගෙ හදවත

2012/05/19

සමනලියක්මැයි

ඔබ අහිංසකයි
සමනලියක්මැයි
ඔය සුමුදු පියාපත්
නොතලමි ඉතින්
මා දේදුන්නක්මැයි
ඔබ සැරසු වර්ණමයි
සදා ඔබේ ලඟින්
පායන්නම් ඉතින්


"ඔබ නොකියූ වදන්-මගේ සිතිවිලි"

ඔබේ කඳුලු දැක

ඇස් කොනේ
පොපියමින්
කඩා නොවැටුන
ඔබේ කඳුලු
දැක
ඇස් පියන් යටින්
කඩා වැටුනා
ඔබ නොදුටු
මගේ කඳුලු