2016/02/28

හැකිද නවතන්න-ආදරය

සුන්බුන් අතරින්
මතුවුන
ආදරයේ
සුදු රෝස
අසයි
හැකිද
නවතන්න
ආදරය
වෙඩි උණ්ඩයකට
කම්නැත
අප
සිහින
මවන්නෙමු
අලුත් ලොවකට
හැකිද
නවතන්න
අපේ
සිහිනය
???

2016/02/07

ඉහලට නැගගෙන යනකොට තට්ටු
අන්ධ වෙනවා උන් දුටුවම තුට්ටු
ඡන්දෙ දුන්න ඔබ වෙනවා මට්ටු
මක් කොරන්නද තියන් කටේ පිට්ටු

උඩ බල බල ඉඳීද රට්ටු
පොකට් එකට නම් වෙනවා තට්ටු
විකුණන් කාපන් උඹෙ බඩු මුට්ටු
අහවල් වෙනසට තව පොඩ්ඩයි කිට්ටු



2015/10/26

දැන් රටේ ලෝකෙ

තාත්ත හිටියෙ මනෝ ලෝකෙ
අම්ම හිටියෙ හීන ලෝකෙ
අක්කට ඕනෙ ප්‍රේම ලෝකෙ
දන්නෙ නෑ අයිය මොන ලෝකෙ
ඒ හින්ද මට යන්න වුනා
.
.
.
දිව්‍යලෝකෙ!

2015/07/09

පාට නැත

අනන්ත අහස පුරාවට
ඒක් හිස් පිටුවකි
චිත්‍රයක් අදින්නට
පාට සෙව්වෙමි
ඒත්
දේදුන්නක් පායා නැත!

2015/02/19

අරමුණ

හබා යමි 
අරමුණ
හැබෑවත්
සිහිනයත්
යා කරනු පිණිස

ලියවෙන්නෙ නැති කතන්දර

ලියන්න හිතුනත්
ලියවෙන්නෙ නැති
කතන්දර

පොත් රාක්කෙ
ඉඩ මදිවෙයි
මතක ගබඩාවට දාල
දොර වැහුව

කාවො කාල තිබුනොතින්
හිත දොස්
කියාවිද?

2015/01/16

නෙත් වසා සිහිකරමි

හිනැහෙනවද ඔබ?
තාමත් ඉස්සර වගේ
සේපාලිකා මල් දුටුව සඳ සේ
නෙත් වසා සිහිකරමි
ඔය සිනා මුව මඬළ
..................
නෙතඟ සීතල මන්ද

ඔව්
මම රාධා නොවේ!