2014/01/21

පියාඹති

ඉක්බිති
පියාඹති
තටු කැපූ
කුරුල්ලෝ!!!

අහස නීල වර්ණ නොවෙද?

අහස නීල වර්ණ නොවෙද?
විසල් අහස දෙස බලා සිටින්නෙමි
කාල වර්ණ කලේ කවුරුද
නැත්නම් මා අන්ධ වීද?
මායාවකි මා වටා
සිතා ගත නොහෙකී
මා අන්ධ කලේ කවුරුන්දෝ

2013/11/13

ඇයි හදිස්සිය?

වම දකුණ වම
සීරුවෙන් සිටීමක් නම් නෑ
ඉදල හිටල
තල්ලු කරන් ඉස්සර වෙලා යන අයත් ඉන්නව
ඇයි හදිස්සිය?
අපි ඔක්කොම යන්නෙ එකම තැනට

......මම මේ කිව්වෙ කූඹි පෝළිමක් ගැන......

ඇයි හදිස්සිය?

වම දකුණ වම
සීරුවෙන් සිටීමක් නම් නෑ
ඉදල හිටල
තල්ලු කරන් ඉස්සර වෙලා යන අයත් ඉන්නව
ඇයි හදිස්සිය?
අපි ඔක්කොම යන්නෙ එකම තැනට

......මම මේ කිව්වෙ කූඹි පෝළිමක් ගැන......

2013/10/28

නිල්ල දළු ලා වැඩෙයි

ඉඩෝරයට වැටෙන වැහි
මහපොළව සිඹියි නම්
කටුක ඉරිතැලුම් මත
නිල්ල දළු ලා වැඩෙයි

හෘද සාක්ෂිය ඇත්නම්

නිදොස් බව
කෑ ගසා
කියන්නට
අවැසි නැත
හෘද සාක්ෂිය
ඇත්තවුන්
තට්ටු කර
බලත්වා!

2013/08/13

වැස්ස

ඉඩෝරයට වැහි වැටිලා
කර්කෂ පොළවම තෙමිලා
තණ බිස්සක මල් පිපිලා
දුටුවෙමි හීනෙක පෙනිලා

ඇස් ඇරලා බැලුවාම
හිස් අහසක් දුටුවාම
වළාකුලට බැනලාම
වැස්සේ නෑනේ තාම