2013/05/27

ලියල විසි කලා

උතුරල
අපතේ නොගිය
මාව
අන්තිම බිංඳුව
වෙනකන්
ලියල
විසි කලා

මීට,
බෝල්ට් පොයින්ට්

2013/05/04

මම දුප්පත්


ඉරි තැලුන බිත්තියක
සිදුරෙන් ගෙට එබෙන
සඳ එලිය මට හොඳයි
පහනත් නිවේ නම්

දුප්පත් කම දමා
තැම්බූ වතුර ටික
කහට උගුරක් වෙයන්
ඒත් කෝ සීනි දැන්

2013/04/16

සෙනෙහසේ හිම කැටය


සිහිල් හිම කැටය ඔබ
ලෝදිය වූ හද මඬලට පතිතව
නිවාලයි හද දවාලූ ගිනි
සෙනෙහසේ හිම කැටය ඔබ

2013/04/09

තෙපලනා ගිරවියේ


දෙතොල් පෙති ලෙලවමින්
තෙපලනා ගිරවියේ
නෙත් මගේ පිනවමින්
රඟදෙනා සුර ලියේ
හිත මගේ නලවන්න
පෙම් හැඟුම් මොලවන්න
පියාඹන්න ඉඩදෙන්න
අඹරේ........

නොදුටුවෙ මාව


මාව
හැමදාම
දුටුවත්
ඔබ
තවමත්
නොදුටුවෙ
මාව

සිතිවිල්ලක් ඔබ!


අසුරු සැනින්
ඇවිත්
ආපසු යන්න
පාර නොදැන
හිතේ
අතරමං වුන
සිතිවිල්ලක්
ඔබ!

කොතැනක සිටියෙද ඔබ?


වල්ගා තරුව
කඩා වැටුන
මිහිමතට,
විශ්වයේ
කොතැනක
සිටියෙද ඔබ?