2013/05/04
මම දුප්පත්
ඉරි තැලුන බිත්තියක
සිදුරෙන් ගෙට එබෙන
සඳ එලිය මට හොඳයි
පහනත් නිවේ නම්
දුප්පත් කම දමා
තැම්බූ වතුර ටික
කහට උගුරක් වෙයන්
ඒත් කෝ සීනි දැන්
2013/04/16
සෙනෙහසේ හිම කැටය
සිහිල් හිම කැටය ඔබ
ලෝදිය වූ හද මඬලට පතිතව
නිවාලයි හද දවාලූ ගිනි
සෙනෙහසේ හිම කැටය ඔබ
2013/04/09
තෙපලනා ගිරවියේ
2013/03/30
ඒක හොඳ විහිලුවක්!
අනිත් අය හිනා වෙනව
මම හිනා වෙනව
අපි හිනා වෙනව
අයෙත් කියල හිනා වෙනව
අයෙත් අහල හිනා වෙනව
හිත හිත හිනා වෙනව
හේතුව?
ඒක හොඳ විහිලුවක්!
Subscribe to:
Posts (Atom)

