2013/01/29

තුන්වෙනි පංතියෙ කකුල


දරිද්‍රතාවයෙන් උලුක් වෙලා
තුන්වෙනි පංතියෙ කකුල
වේදනාවට බෙහෙතක් දෙන
පනත සම්මත වුනේ නෑ
පළවෙනි පංතියෙ ලේන්සුවකින්
වෙලුම් පටියක් දැම්ම!

............විප්ලවකාරී...........

2013/01/24

ඊයෙ සහ අද


ඊයෙ: ඉස්තාලෙ වැහුවෙ නෑ
         අස්සය පැනගියා
අද: දුක්වෙන්න දෙයක් නෑ
      ඌ කොටළුවෙක්!

මම පැනල යන්න දන්නව!


වහල තියන්න
අගුලු දාල
සිරකුටිය
මම ඉන්න,
මගෙ නම
"ජෝන් වැල් ජෝන්"
පැනල යන්න දන්නව!

නොදන්නා වසන්තය


හිනා පුරන ඇස් මඟ හැර යන්නට
ලඳුනේ මා හට පාර කියනවද
මමත් නොදන්නා මේ වසන්තය
කෙදිනකදෝ මට අරගෙනගෙන ආවේ

පොපියන දෙතොලඟ වදනක් වන්නට
ගොළුවත මා දැන් සිඳ බිඳලන්නද
මමත් නොදන මගෙ හිත දැන් කොතැනද
කොහෙදෝ ඔබ එය සිර ගත කෙරුවේ

මං සළකුණු


මන්දිරේ
මංගලී
මන්දහාස නඟා
මං එනතුරු
මංකඩ ළඟ
මන්දාරමේ නොයිද
මංවල
මංමුලා වූ
මං සළකුණු

මම ජුලියට් නෙමෙයි


හඳ නම් පායල
ඒත්
ජනේලයෙන්
එබෙන්නෙපා
මම
ජුලියට් නෙමෙයි
රෝමියෝ...

2013/01/22

කෝ මේ හිත???


හිත ඉරා
විසිකෙරුවෙ
කොතනටද?
කෝ මට
මතක නෑ
අන්න එයා
ආයෙ ඇවිත්
ගම්ගාල වත්
අලව ගන්න
කෝ මේ හිත???