සඳ උත්පලාවී / Lily On Moon
මම හදවතට දැනෙන දේ ලියන්නෙමි මෙලෙසින් I'm writing what I feel
2013/01/20
ලොකු කාර් පිහදාල මමත් ගන්නව දවසක
ලොකු කාර් පිහදාල
මම කැටය පුරවනව
මට රුපියල් පහක්
දුන්නඅර මහත්තය
දැන් ගොඩක් කාසි ඇති
කැටය දැන් හරි බරයි!
සෙල්ලම් කාර් එකක්
මමත් ගන්නව දවසක
බේබි,
මමත් හරි ආස
රතු පාට එකකටයි!
ඇතුලට එන්න
ආරාධනාවයි
ඇතුලට එන්න
හිනාවෙන්න
සල්ලි ඕන
අඬන ටිකට් එක
නොමිලේ
මෙතනින්
Paradise In
2013/01/11
තටු ආවෙ නැතිවුනත් ඔබ හා පියාඹමි!
වළාකුල් බර වෙලා
ඇස් අහසෙ වැහි බිංඳු
හිතට අකුණු ගැහුවෙ
මම ඉල්ලල නෙමෙයි
ගොරවන සද්දෙට
ඇග හිරි වැටුනත්
කඳුලු වල පාකලේ
කවි ලියපු කොල ඉරල
කුඩයක් නැතුවම
ගව් ගානක් යද්දි
එක් වියනක් යටදි
ඔබ තනිවී උන්න
හිරිකඩ වැදෙනව
ඔබ තව තෙමෙනව
දෑත් එක් කරල
හිරිකඩ මුවා කළා
මම විඩාපත් වෙලා
වැතිරුනා වියන යට
සුවනින්දක් ලැබුනෙ
බෝ කලකට පස්සෙ
ඔබ සුවපත් වෙලා
මා දිහා බලාගෙන
ඉර එළියට දැක්ක
හිනා මල් දිලිසෙනව
වැහි අඳුර නැතිවෙලා
සුදු වළා පාවෙනව
තටු ආවෙ නැතිවුනත්
ඔබ හා පියාඹමි!
2013/01/05
suicide කරමි
සිතිවිලි තනි වුන තැන
මතකය පමණක් ඉතිරිව
පණ අදින ආත්මයකට
ගිලිහෙන්න ඉඩදෙන්න
ත්‍රිමානයෙන් ද්විමානයට යමි!
හිත මියෙන්නේ නම්
මංමුලාවී සැරිසරන්නෙමි
ඔබ අත් හැරි තැනින්
මගෙ සුසුම් මට හිමිද
හිත මියෙන්නේ නම් ඉතින්
2013/01/02
ඔබ හා බැදී
ඔබ හා බැදී
මද පවනෙ වෙලී
පාවි පාවි
ඈත යාවී
සිතිවිලී............
කිරිල්ලියක්දෝ
සමනලියක්දෝ
සැහැල්ලු පියාපතක් මට ලැබුනා
වලාකුල් ළඟ සීතලේ
නිල් අහස් කුස තුලේ
ඔබෙ තුරුලේ
මා
හද පතුලේ
ඔබ
හීනයක්දෝ
සැබෑවක්දෝ
පාවී පාවී
ඈත යාවී
සිතිවිලී............
ගමනක
ගමනක
සොයමින් අමුතු චරිත
මම යනව
අලුත් ගමනක
තව නවාතැන් පලක්
ආයෙත් පසුකලා
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)