ආ!! ඒක
ඒක මම පොඩි කලා
කෝවෙ දාල
මකල දැම්ම
තව එකක්??
අනේ එපා
කනා මැදිරියට
මම බයයි!
2012/08/06
වරු ගනන් මම ඔබ දෙස බලා ඉන්නවා
මතකය
හිත පහුරු ගානවා
පන්හිඳ
අකුරක එය අමුනනවා
සියපත
නැවතත් විකසිත වෙනවා
මගෙහිත
තවමත් ආදරෙ දෙනවා
වරු ගනන්
මම ඔබ දෙස බලා ඉන්නවා
ගවු ගනන්
මගෙ හිත ඈත ඇදෙනවා
හීන මාළිඟා
ළඟ ඇස් නිදා වැටෙනවා
ඔබ නැති
දිවියේ සුසුමත් සීතල වෙනවා
හිත පහුරු ගානවා
පන්හිඳ
අකුරක එය අමුනනවා
සියපත
නැවතත් විකසිත වෙනවා
මගෙහිත
තවමත් ආදරෙ දෙනවා
වරු ගනන්
මම ඔබ දෙස බලා ඉන්නවා
ගවු ගනන්
මගෙ හිත ඈත ඇදෙනවා
හීන මාළිඟා
ළඟ ඇස් නිදා වැටෙනවා
ඔබ නැති
දිවියේ සුසුමත් සීතල වෙනවා
2012/08/02
ක්ෂිතිජයක දුර යන්නෙ
සන්සාරෙන් සන්සාරෙට
ගෙන යන්න සිටියා
ආදරේ
ගෙන යන්න සිටියා
ආදරේ
දඟපාන සමනල්ලු
හිත ගාව හුරතල් වෙලා
හිනැහෙන්න මට දුන්න
ඒ හැඟුමන් ඔබ ගෙන ගියා
හිත ගාව හුරතල් වෙලා
හිනැහෙන්න මට දුන්න
ඒ හැඟුමන් ඔබ ගෙන ගියා
මල් පාට දේදුන්නෙ
නැලවෙන්න නෑ ලන් වෙලා
ක්ෂිතිජයක දුර යන්නෙ
නෙත ගාව කඳුලක් තියා
නැලවෙන්න නෑ ලන් වෙලා
ක්ෂිතිජයක දුර යන්නෙ
නෙත ගාව කඳුලක් තියා
මගෙ ගීයෙ මගෙ
ළඟම
ඔබ උන්නෙ පද
වැල් වෙලා
තනුවකට ස්වර
වැයුන
සදහටම ඔබ ගොලුවෙලා
සන්සාරෙන් සන්සාරෙට
ගෙන යන්න සිටියා
ආදරේ
ආදරේ
ඇයි අතරමන් වෙලා
මගෙ වචන නැතිවෙලා
සිතිවිලි හිර වෙලා
කවි පද හැංඟිලා
ඇයි මාව ගොළු වෙලා
නින්ද මගෙ නැති වෙලා
හීන ඇයි බොඳ වෙලා
හිනා මගෙ නැවතිලා
සිතිවිලි හිර වෙලා
කවි පද හැංඟිලා
ඇයි මාව ගොළු වෙලා
නින්ද මගෙ නැති වෙලා
හීන ඇයි බොඳ වෙලා
හිනා මගෙ නැවතිලා
ඇයි අතරමන් වෙලා
ගිය නුවණ
අශ්වයා පැන ගියා
ඉස්තාලෙ වහපන්
හකුරු බේරන්න නම්
වක්කඩේ හංඟපන්
යුද්දයක් නෑ ඉතින්
කඩුවෙන් කොස් කොටාපන්
ගිය නුවණ දැන් ඉතින්
ඇතුන් ලවා අද්දපන්
නැව ගිලුන දැන් ඉතින්
බෑන් චූන් ගසාපන්
ඉස්තාලෙ වහපන්
හකුරු බේරන්න නම්
වක්කඩේ හංඟපන්
යුද්දයක් නෑ ඉතින්
කඩුවෙන් කොස් කොටාපන්
ගිය නුවණ දැන් ඉතින්
ඇතුන් ලවා අද්දපන්
නැව ගිලුන දැන් ඉතින්
බෑන් චූන් ගසාපන්
2012/08/01
මගේ හිතම අමතක වුනා
හිත පතුලෙම රැදුනා
ඔබ ගැන
හැම සුසුමකම රැදුනා
පියවුන නෙත් තුල
ඔබ
හීනයක් ව රැදුනා
ආදරය මෙතෙකයැයි
කියමිද කෙලෙසක
මටත් නොතේරෙයි
ඔබ ළඟින් එන විට
මට
මගේ හිතම අමතක වුනා
ඔබ ගැන
හැම සුසුමකම රැදුනා
පියවුන නෙත් තුල
ඔබ
හීනයක් ව රැදුනා
ආදරය මෙතෙකයැයි
කියමිද කෙලෙසක
මටත් නොතේරෙයි
ඔබ ළඟින් එන විට
මට
මගේ හිතම අමතක වුනා
Subscribe to:
Posts (Atom)



