2012/07/31

කෝපි මල් හිනා

කෝපි මල් හිනා
මනසේ මැව්ව කල්පනා
මීවිතක මනා
උමතුව කවුරු හැංගුනා

සිසිලසක් ගෙනා
නෙතලූ ඔබයි අන්ජ්නා
හීන පැටලුනා
හද කිති කැවෙන්නට වුනා

නුඹලා මගෙ හද මඩලෙ නිදයි

ඉර එළියයි මට සඳ එළියයි
නුඹලා මගෙ හද මඩලෙ නිදයි
දේදුන්නක් සේ ඔබ ලග පායා
වියැකී යන්නෙමි ඉතින්
 
සිනා මලයි මගෙ සතුට ඔබයි
නුඹලා මට මගෙ සුසුම් සමයි
හිරු දුටු පිනි පිදුව සේ
වියැකී යන්නෙමි ඉතින්
 
සෙනෙහස මහ මෙරක් තමයි
සසරෙදි හමු වුන පුරුද්දමයි
ඉරනම ඇත මට හරස් වෙලා
දුරස් වෙන්නෙමි ඉතින්

2012/07/30

කනා මැදිරි එලියෙන් අපි

පින්න වැටෙන හද පානේ
ඔබත් එක්ක හිනා වෙන්න
තරු ගනින්න එනවා නම්
තරගෙන් මම දිනයි ඔන්න
සේපාලික මල් පිපිලා
සුවදට ඔබ මත් නොවන්න
කනා මැදිරි එලියෙන් අපි
යමු සුර ලොව හොයන්න යන්න

දගකාරයි මම කටකාරයි

දගකාරයි මම කටකාරයි
යාලුවො කියන්නෙ හැඩකාරයි
රන්ඩු කරන්නට හරි දක්ෂයි
හද සෙනෙහස නම් සුවිසාලයි

පෙම් හිත ලග තව මා බොලදයි
ඔබ ගැන සිතිවිලි හරි ගැඹුරුයි
දගකාරයි මම කටකාරයි
යාලුවො කියන්නෙ හැඩකාරයි

හැගුම් තව උණුහුමයි හීනයේ





ස්වර අතරේ සැගවෙන්න
එන්න තනුවක් වෙන්න
මට පද වැල් අමතකයි
හීනයේ
මට සුවදක් වෙන්න
මල් පෙති ඉහිරන්න
මට පාට නොපෙනෙයි
හීනයේ
මද පවනක් වෙන්න
සිසිලසක් මට දෙන්න
හැගුම් තව උණුහුමයි
හීනයේ

ද???

සින්ද
බින්ද
පෙම්
කන්ද
වින්ද
බැන්ද
හැගුම්
කන්ද
මන්ද
සුන්ද
මතක
කන්ද

පිහාටුවක් ඉල්ලුවෙ මම

පිහාටුවක් ඉල්ලුවෙ මම
ඔබ සොයන් එන්නයි
හොරෙන් ඇවිත් කවුලුවෙන්
ඔය මූන දකින්නයි
කුරුල්ලොත් හිනා වුනා
ඒත් මට එන්න කිව්ව
උන් දන්නවලු මගෙ හිත
තාමත් ආදරෙයි කියල

2012/07/29

මම සින්ඩරෙල්ලා

මම සින්ඩරෙල්ලා
සපත්තුව නැති උනා...
හොයා ගත්තොත් ඔබ
අරන් එන්න විගහට
දැන් නම්
ඔරලෝසුවෙ
වෙලාව 12ට කිට්ටුයි
සපත්තුව
වෙන කෙනෙක්ට
දැම්ම වත්ද?

2012/07/28

යන්න කී ඔබ් නෙතේ කඳුලු

නුවන් යුග
සමීපව
අදුන් ගෑ
ඔබමද?
කඳුලු මට
පුද දෙමින්
දුරස්  වන්නට
කීවෙ...
තවම මම
හිතනවා
හිත මගේ
තැවෙනවා
යන්න කී ඔබ් නෙතේ
කඳුලු
ඇයි මා දුටුවෙ!!!

හිතුනෙ මට වැලඳ ගන්නයි

හිතුනෙ මට
වැලඳ ගන්නයි
දෙතොලෙ හැඩ
කියා දෙන්නයි
උනේ මට
ගලක් මෙන්
ඔබ යනව
බලා ඉන්නයි

අවදි වී මා හිදින්නෙ

අවදි වී මා හිදින්නෙ
සඳ කුමරුනි වඩින්න
සීතලෙන් මා ගැහෙන්නෙ
උනුහුමෙන් මා වෙලන්න
නෙත් මගේ නෑ පියෙන්නෙ
පෙම් වදන් ඔබ කියන්න
නෙතු මගේ පිය වුනොත්
දෙතොල් පෙති මගෙ තෙමන්න

තව තවත් කවි ලියනු

කෑ ගසන
හදවත
නිහඩ වනු
පොපියනා
කඳුලැල්ල
නතර වනු
හීන දුටු
සිතිවිලි
ගල්ගැසෙනු
ඇත්ත
තිත්තයි
මුහුන දෙනු
නොකියූ
වදන්
තව සොයනු
සුසුමක
බරට
ගී කියනු
දුර ඉදන්
දෙස බලා
සිනාවනු
පෙම නමින්
තව තවත්
කවි ලියනු

අහසටම පෙම් බඳින

කිරිල්ලිය තටු සොයන
අහසටම පෙම් බඳින
කුණාටුවක් ඇතත්
පෙම් නදින් තව ගයන
මම
කිරිල්ලිය තටු සොයන
අහසටම පෙම් බඳින

හිතත් මගෙ පොතත් මගෙ

හිතත් මගෙ
පොතත් මගෙ
වචන මගෙ
කවිය මගෙ
සිතුම් මගෙ
පැතුම් මගෙ
හීන මගෙ
කඳුල මගෙ
හැමදාමත්
මා ඔබගෙ!