2012/06/04

ළදරු සිතිවිලි

උමතු හිත ලඟ
ළදරු සිතිවිලි
ඇයිද
උමතු වූ කාරණේ
නොඅසන්න ඔබ
මමද නොදනිමි
ඇයි
මෙලෙස මා බොළඳ උනේ

මගෙ මෝඩ කිරිල්ලිය

ලා රෝස දෙතොලේ
සැඟවුන වදන්
නොකියාම
හිත් රිද්ද ගනිමින්
ඉතින්
බොළද කම් කරමින්
දෙයි තරහවන්
තරවටු කලේ නම්
මා සෙනෙහසින්
නොහඬන්න
මගෙ මෝඩ කිරිල්ලිය
ඉතින්
හිත රිදෙයි වැටෙන විට
කඳුලැලි නෙතින්


"ඔබ නොකියූ වදන්- මගේ සිතිවිලි"

කෙලසක කියන්නද


පෙම් කල නිසා මම හොර රහසේ
තනි වෙන්නදෝ මම තනි අහසේ
සැඟවෙන්න ආසයි ඔය නෙත් පහසේ
කෙලසක කියන්නද පෙම සිතු සේ

තනි තරුවක් වෙන්න තීරණය මගේ මයි

තනි තරුවක් වෙන්න
තීරණය මගේ මයි
සඳ, ඔබ දෙස බලා
හිනැහෙන්නෙ මම්
හොර රහසෙ පෙම් පිරුව
වරද මගේ මයි
ඇස්වලට කඳුලු දෙන
කාරණා බොහොයි