හීන් සීරුවට
ඇස් වලින්
හදවතට
ඉතින් හදවත
කියන්නෙ
ආත්මයට
ඔබ මට හුරු පුරුදුයි!!!
2012/04/29
2012/04/25
රෑ සීතල
සීතලට ගුලිවෙලා
රෑ අඳුරෙ තනි වෙලා
තව තවත් මඟ බලා
ඉන්නෙ යහනට වෙලා
උමතු වෙන ඇස් බලා
ඉන්න තුරුලට වෙලා
සිකුරු තරුවක් වෙලා
පායන්න හිනැහිලා
රෑ අඳුරෙ තනි වෙලා
තව තවත් මඟ බලා
ඉන්නෙ යහනට වෙලා
උමතු වෙන ඇස් බලා
ඉන්න තුරුලට වෙලා
සිකුරු තරුවක් වෙලා
පායන්න හිනැහිලා
2012/04/23
ඔබ හා මම
සිතිජ ඉමේ
හිරුට හොරා
සයුරු තෙරේ
ඔබ හා මම
සීත සුළං
පරදවමින්
උණුසුම් සුසුමක
දැවටෙන
හීන ලොවේ
හැමදාමත්
දුටුවේ මම
එලෙසින්මයි
හැබෑ ලොවේ
ඔබ හා මම
රැදිලා ඉන්නේ
දෙතැනක
හිරුට හොරා
සයුරු තෙරේ
ඔබ හා මම
සීත සුළං
පරදවමින්
උණුසුම් සුසුමක
දැවටෙන
හීන ලොවේ
හැමදාමත්
දුටුවේ මම
එලෙසින්මයි
හැබෑ ලොවේ
ඔබ හා මම
රැදිලා ඉන්නේ
දෙතැනක
2012/04/18
ප්රමාදය පසුතැවිල්ලට හේතුවයි!
වැහි වලාවක
වෙලී පැටලී
මා හෙලූ
කඳුලු බිඳු
රැවටුනා ඔබ
ඒ වැහි බිඳු කියා
දැන් ඉතින් කම් නැත
උදයේ පිපි පිනි බිඳුත්
වියැකෙන්න ලඟයි
ප්රමාදය
පසුතැවිල්ලට හේතුවයි!
වෙලී පැටලී
මා හෙලූ
කඳුලු බිඳු
රැවටුනා ඔබ
ඒ වැහි බිඳු කියා
දැන් ඉතින් කම් නැත
උදයේ පිපි පිනි බිඳුත්
වියැකෙන්න ලඟයි
ප්රමාදය
පසුතැවිල්ලට හේතුවයි!
2012/04/16
මතකය කුරිරුයි
හිත ලඟ
පුපුරන
බක් මහ අකුණු
අස් දෙක යට
මහ
වැහි වට ලකුණු
මිහිකත
දෙදරා
සමුදුර ගැලුනු
මතකය
කුරිරුයි
ඔබ හා බැදුනු
ඔබ මතකයේ සදා කාලිකයි!
පුපුරන
බක් මහ අකුණු
අස් දෙක යට
මහ
වැහි වට ලකුණු
මිහිකත
දෙදරා
සමුදුර ගැලුනු
මතකය
කුරිරුයි
ඔබ හා බැදුනු
ඔබ මතකයේ සදා කාලිකයි!
2012/04/15
අවසානයක් කතාවට ඇත
ප්රශ්නයක්
තියනවා
ප්රශ්නයක්
ඔබට නැත
උත්තරයක්
තියනවා
උත්තරයක්
මට නැත
විසදුමක්
තියෙනවා
විසදුමක්
මටත් ඇත
අවසානයක්
කතාවට ඇත
අවසානයක්
ආදරයට නැත
තියනවා
ප්රශ්නයක්
ඔබට නැත
උත්තරයක්
තියනවා
උත්තරයක්
මට නැත
විසදුමක්
තියෙනවා
විසදුමක්
මටත් ඇත
අවසානයක්
කතාවට ඇත
අවසානයක්
ආදරයට නැත
2012/04/11
ඔබ එන්න සැබැවින්ම
හද තුල
කිතිකැවෙන
හැගුම් පොදි මුදා හැර
පවසන්න
රත්තරන්
අපි අපේමයි නේද
සේපාලිකා සුවඳ
දැවටෙමින් වත මඬල
නෙත පාමුල තැබූ
හීනයක හැඩරුවට
පණ දෙන්න
ඔබ එන්න
සැබැවින්ම
මගෙ ලොවට.....
කිතිකැවෙන
හැගුම් පොදි මුදා හැර
පවසන්න
රත්තරන්
අපි අපේමයි නේද
සේපාලිකා සුවඳ
දැවටෙමින් වත මඬල
නෙත පාමුල තැබූ
හීනයක හැඩරුවට
පණ දෙන්න
ඔබ එන්න
සැබැවින්ම
මගෙ ලොවට.....
2012/04/09
ආදරෙයි මම ආදරෙයි
ඔය දෙනෙත් ලඟ උමතු වී හිද
හදේ ස්වරයට අමතලා
ආදරෙයි මම ආදරෙයි
කෙසේ කියමිද ලන්වෙලා
ඔය සිතේ මා නැවතිලා
ඉන්නවා මම දන්නවා
මේ පෙමින් මා මියෙනවා
ඔබ දන්නවා මා දන්නවා
අහසට තරු කැට විසිකෙරුවේ මම
ඔබත් එක්ක හිනා වෙන්න
මතු භවයක හමුවනා තුරු
හද පතුලේ ඔබ නිදන්න
(මිතුරෙකුට ලියා දුන් ගීතයකි )
හදේ ස්වරයට අමතලා
ආදරෙයි මම ආදරෙයි
කෙසේ කියමිද ලන්වෙලා
ඔය සිතේ මා නැවතිලා
ඉන්නවා මම දන්නවා
මේ පෙමින් මා මියෙනවා
ඔබ දන්නවා මා දන්නවා
අහසට තරු කැට විසිකෙරුවේ මම
ඔබත් එක්ක හිනා වෙන්න
මතු භවයක හමුවනා තුරු
හද පතුලේ ඔබ නිදන්න
(මිතුරෙකුට ලියා දුන් ගීතයකි )
2012/04/07
අහෝ මගෙ නින්ද
අහෝ මගෙ නින්ද
නැති කලේ මන්ද
සිතිවිලි කන්ද
කැලඹුවේ කිම්ද
හීනයකින්ද
එවදන් බැන්ද
නැතිකරන් නින්ද
හිටියෙ මම් මන්ද
නින්ද ගියේම නෑ අප්පා!
නැති කලේ මන්ද
සිතිවිලි කන්ද
කැලඹුවේ කිම්ද
හීනයකින්ද
එවදන් බැන්ද
නැතිකරන් නින්ද
හිටියෙ මම් මන්ද
නින්ද ගියේම නෑ අප්පා!
2012/04/06
ගිම්හානයයි මේ
ගිම්හානයයි මේ
තවමත් ගෙවෙන්නේ
හිත පෙලන
මාරුතය
කොහිදැයි හමන්නේ
නොපිනෙනා
මල් සුවඳ
සොයමින් ඇදෙන්නේ
ලෝකයම
වියලී
හැලිලා යන්නේ
ගිමනේ
වෙහෙසින්
කටුකව තැවෙන්නේ
ගිම්හානයයි මේ
තවමත් ගෙවෙන්නේ
තවමත් ගෙවෙන්නේ
හිත පෙලන
මාරුතය
කොහිදැයි හමන්නේ
නොපිනෙනා
මල් සුවඳ
සොයමින් ඇදෙන්නේ
ලෝකයම
වියලී
හැලිලා යන්නේ
ගිමනේ
වෙහෙසින්
කටුකව තැවෙන්නේ
ගිම්හානයයි මේ
තවමත් ගෙවෙන්නේ
2012/04/05
සසරින් සසරට හමුවන බවකි
සිත ලඟ සැමදා
දැවටෙන රුවකි
කිසි දින අත හැර
යන්නට නොහැකි
සසරින් සසරට
හමුවන බවකි
අවසන කුමක්ද
දෙවියන්ම දකී
ඔය සිනහව ලඟ
කදුලැලි වියැකී
මගෙ සෙනෙහස
සදා භාවනාවකි
දැවටෙන රුවකි
කිසි දින අත හැර
යන්නට නොහැකි
සසරින් සසරට
හමුවන බවකි
අවසන කුමක්ද
දෙවියන්ම දකී
ඔය සිනහව ලඟ
කදුලැලි වියැකී
මගෙ සෙනෙහස
සදා භාවනාවකි
2012/04/04
උමතු වූ සැටි
එක් සිනහවක්
ළඟ
හිත වාවනු නොහැකිව
හිත වාවනු නොහැකිව
උමතු
වූ සැටි
හද
නතරව මොහොතක්
මට
මාව අමතක කලේ
සිහිනෙන්
පවා ඇවිත්
හිත
ලඟ සක්මන් කලේ
හැම සුසුමකම නැවතිලා
ඔබ
නම සටහන් කලේ
ජීවිතය
ගීතයක් කරමින්
තාලයට
ගායනා කලේ
එක් සිනහවක් ළඟ
හිත
වාවනු නොහැකිව
උමතු
වූ සැටි
තොප තවත් මට එපා
සිහිනෙන්
එන්නෙපා
මා
හඬවන්නෙපා
මට
වද දෙන්නෙපා
ආයෙත්
එන්නෙපා
මතකයෙන්
නම කපා
නොයිද තව
තැප තැපා
යන්න
වෙන අත් පතා
තොප
තවත් මට එපා
2012/04/02
කිවිදා මරා දැමීම
කවි කම තිබුනා
උපතින් රැගෙන විත් තිබුනා
පද වැල් තිබුනා
ටික ටික අමුනමින් උන්නා
මට දුන්නා
දෙවියන් මට හීන ගොඩක් දුන්නා
කිවිදෙක් පෙන්නා
කවි රස සුමියුරු ලෙස පෙන්නා
හදවතට ඇන්නා
කිවිදා මගෙ පිහියෙන් ඇන්නා
සරඹ පෙන්නා
මා කිවිදා මරා දැම්මා
කෲර කිවිදිය හා හා හා!
Subscribe to:
Posts (Atom)